දිනක්ෂි ගැන අලුත් ආරංචි ගොඩක්ම තියෙනවා. මුලින්ම අපි දැනගන්න කැමතියි රංගන ජීවිතයේ අලුත්ම ආරංචිය
මම ටෙලි නාට්‍යය ක්ෂේත්රයේ සහ සිනමාපටවල රඟපාලා තිබුණට වේදිකා නාට්‍යවලට එකතු වෙලාම නැහැ. හා හා පුරා මම වේදිකා නාට්‍යයකට රංගනයෙන් එකතු වනවා. ඒ තමයි දමයන්ති ෆොන්සේකා ගේ “ගාස්තුව කීයද” කියන වේදිකා නාට්‍යය. මේ දවස්වල ඒ නාට්‍යයේ පුහුණුවීම්වල යෙදෙනවා.
ටෙලි නාට්‍ය...?
මේ දවස්වල “රෑනට” ට එක් වී සිටිනවා. තවත් නිර්මාණ කීපයක් විකාශය වීමට නියමිතව තියෙනවා.
පෞද්ගලික තොරතුරු අතරත් අලුත් ආරංචි තියෙනවා...

දැනට මම නාවල විවෘත විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබනවා. සුපුරුදු විදියට අධ්‍යාපන කටයුතු කරගෙන යනවා.
අපිට නම් ආරංචියි පෞද්ගලික ජීවිතය සම්බන්ධව තව තව උණුසුම් පුවත් තියෙන බව.
(හිනැහී) පෞද්ගලික ජීවිතය සම්බන්ධව විවිධාකාර පුවත් තියෙනවා තමයි ඉතින්. ඒත් ඒවා උණුසුම් පුවත් ද දන්නෙ නැහැ.
දිනක්ෂි වගේ ජනප්‍රිය නව යොවුන් නිළියකගේ විවාහය රසික රසිකාවියන්ට උණුසුම් පුවතක් ....
(හිනැහී) මගෙ විවාහය සිදුවන දාට ඒක උණුසුම් පුවතක් වෙයි. ඒත් තවම ඒ උණුසුම් පුවත උදාවන දවස බොහොම දුරක තමයි තියෙන්නේ.
අම්මයි තාත්තයි මේ දවස්වල ඒ දිනය ළඟා කරවන්න උත්සහ කරනවලු..
අම්මා කියනවා අවුරුදු 25 වෙන්න කලින් විවාහ විය යුතුයි කියලා. ඉතින් ඒ අය ඊට සුදුසු කෙනෙක් හොයනවා.
දැනට යෝජනා ඇවිත් තියෙනවද?
යෝජනා නම් ගොඩක් ඇවිත් තියෙනවා. හැබැයි ඒ එකක්වත් ස්ථිර වෙලා නම් නැහැ.
ඇයි ඒ යෝජනා ගෙනා අය අතර හොඳ මට්ටමේ අය නැද්ද..?
ගොඩක්ම හොඳ මට්ටම්වල අයත් ඉන්නවා. ඒත් යෝජනා අතර මගෙ හිතට විශේෂත්වයක් දැනෙන යෝජනා තිබුණෙ නැහැ.
මව්පියන් හරහා එන ප්‍රේම යෝජනා වලට අමතරව කෙළින්ම දිනක්ෂිට එන යෝජනාත් ඇති..
ඔව්. ෆේස් බුක් හරහා , දුරකථනය හරහා යෝජනා එනවා. සමහර පිරිමි ළමයි කියල තියෙන දේවල් දැක්කම ඒ අය ගැන පුංචි දුකකුත් ඇතිවෙනවා. ඒත් ඒවාට උත්තර නම් යවන්නෙ නැහැ.
ලැබෙන හැම පෙම් යෝජනාවක්ම ප්‍රතික්ෂේප කරන්න හේතුවක් ඇති..
මම කැමතියි අම්මලා එක්ක හැමදාම එකට ඉන්න . මේ නිදහස මෙහෙමම තියාගන්න.
දිනක්ෂි ඒ විදියට කිව්වට ජනප්‍රිය තරුණ නළුවෙක් දිනක්ෂිගෙ නමට සම්බන්ධ කරල පුංචි කටකතාවක් තිබුණා
එයයි මමයි එකට රඟපාන කාලෙ ඒ විදියෙ කතාවක් තිබුණා. දැන් අපි දෙන්න එකට රඟපාන්නෙ නැති හින්දා ඒ කට කතාව නැහැ.
දැන් එයාව මුණ ගැහෙන්නෙ නැද්ද?
උත්සව අවස්ථාවලදී එහෙම මුණ ගැහෙනවා. අපේ යාළුකම ඒ වගේම තියෙනවා.
යාළුකමට එහා ගිය හැඟීමක් එයාගේ හිතේ තියෙනවද දන්නෑ...?
(හිනැහී) ඒක නම් දන්නෙ නැහැ. එයා ටිකක් නිහඬ ගුප්ත චරිතයක්. ඒ හින්දා හිත ඇතුළෙ තියෙන දේවල් දන්නෙ නැහැ.
කවදා හරි දවසක එයා කෙළින්ම තමන්ගෙ ප්‍රේමය ප්‍රකාශ කළොත්....?
(හිනැහී) එහෙම වුණොත් එයා මගෙන් අහපු ප්‍රශ්නෙයි. මම දීපු උත්තරෙයි මුලින්ම ‘රිද්ම’ ට කතා කරල කියන්නම්කෝ
ඒක නමෛයි ඇත්තද මේ විශ්වවිද්‍යාලයේ උත්සවයකට ගිහින් , අකරතැබ්බයකට මුහුණ දුන්නා කියන්නේ...?
ඒක 2012 දී සිද්ධවුණු දෙයක්. හැබැයි හැමෝම දැනගත්තේ ළඟදී තිබුණු රූපවාහිනී වැඩසටහනකදී ඔය ගැන කතා කළ හින්දා.
මොකක්ද සිද්ධිය...?
කොළඹ විශ්වවිද්‍යාලයේ තිබුණු උත්සවයකට මමයි , උමයංගනා වික්රමසිංහයි, තිළිණ රුහුණගේයි ආරාධිතයන් විදියට සහභාගි වුණා. එතැනදි වේදිකාව ඉදිරියේ අපට ඉන්න ආසන වෙන්කර තිබුණා. ඔය අතරේ මම නැගිටල වේදිකාවට ගිහින් ආපහු එන අවස්ථාවේදී මම වාඩි වෙලා හිටපු පුටුව අයින් කරල වේවැල් කපපු පුටුවක් එතැන තියලා. මම වාඩිවුණ හැටියෙම මම පුටුව කඩාගෙන බිම වැටුණා. ඊට පස්සේ එතැන හිටපු සිසු සිසුවියන් පිරිසක් ඒ පුටුව අයින් කරලා වෙනත් පුටුවක් ගෙනැත් දුන්නා.
දිනක්ෂිට මොනාද හිතුණේ...?
ඒ අයත් මගේම වයසේ අයනේ. ඉතින් ඔයවගේ පුංචි විහිළුවක් කරන්න හිතෙන්න ඇති. මම ඒ සිදුවීම තදබල එකක් කියල හිතුවෙ නැහැ. හිනාවෙලා ඒ අවස්ථාවට මුහුණ දුන්නා.

0 comments:
Post a Comment