බලපත‍්‍ර සහිත බිලි පූජාවන්ට බාදාවක් නැහැ ~ niruwatha

Wednesday, July 2, 2014

බලපත‍්‍ර සහිත බිලි පූජාවන්ට බාදාවක් නැහැ

නිසි බලපත‍්‍රයක් ලබාගැනීමෙන් පසුව මුන්නේශ්වරම් කාලි දේවාලයේ සත්ත්ව බිළි පූජා පැවැත්වීමට ඉඩ දිය හැකි බව අගවිනිසුරු මොහාන් පීරිස් මහතා පවසනවා. ජාතික සංඝ සම්මේලනය ගොනුකළ පෙත්සමක් විභාග කළ අභියාචනාධිකරණය අදාළ සත්ත්ව බිළි පූජාව තහනම් කරමින් නියෝගයක් නිකුත් කර තිබුණා.


එය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමක් අද විභාගයට ගත් අවස්ථාවේදීයි අගවිනිසුරුවරයා මෙම අදහස් පළ කළේ. සත්ත්ව හිංසා පනත උල්ලංඝනය නොවන ආකාරයට නිසි බලපත‍්‍රයක් ලබාගෙන බිළි පූජා පැවැත්වීම නීති විරෝධී නොවන බව අගවිනිසුරුවරයා සඳහන් කළා. අදාළ නඩු විභාගය ලබන 21 වෙනිදා දක්වා කල් තැබුණා.  

0 comments:

Post a Comment