"සුපිරි වාහන 10ක මුදල දුන්නොත් අපේම චන්ද්‍රිකාවක් යවනවා" ඇමති පාඨලී චම්පික කියයි. ~ niruwatha

Tuesday, July 1, 2014

"සුපිරි වාහන 10ක මුදල දුන්නොත් අපේම චන්ද්‍රිකාවක් යවනවා" ඇමති පාඨලී චම්පික කියයි.

මෙරට විද්‍යාඥයින් විසින් නිෂ්පාදනය කරන චන්ද්‍රිකාවක් අභ්‍යවකාශගත කිරීම සදහා රුපියල් මිලියන 400 ක මුදලක් ලබාදෙන ලෙස තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශය මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලීමක් කර ඇත.
ආතර් සී. ක්ලාක් ආයතනය මගින් ශ‍්‍රී ලංකාවේ විද්‍යාඥයන් විසින් නිෂ්පාදිත චන්ද්‍රිකාවක් අභ්‍යවකාශගත කිරීමට අවශ්‍ය මූලික කටයුතු මේ වනවිටත් ආරම්භ කර ඇතැයි තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

‘අපේ රටේ විද්‍යාඥයෝ කුඩා චන්ද්‍රිකාවක් ගුවන්ගත කරලා අභ්‍යවකාශ තාක්ෂණයෙන් ගත හැකි ප‍්‍රයෝජන සැලසුම් සකස් කර තිබෙනවා. මෙය නැනෝ සැටලයිට් නමින් හදුන්වන කුඩා චන්ද්‍රිකා පද්ධතියක්. චන්ද්‍රිකාවේ නිර්මාණය මුළුමනින්ම අපේ රටේ විද්‍යාඥයන්ගේ දැනුම මතයි.
ඒත් එය ගුවන්ගත කිරීමේ කාර්යයට අවශ්‍ය රොකට්ටුව සදහා චීනයේ හෝ ඉන්දියාවේ සහාය ලබා ගැනීමට සිදුවේවි.

අපේ රටට අයත් චන්ද්‍රිකාවකින් තවම ප‍්‍රයෝජනයක් ගෙන නෑ. වෙනත් රටවලින් චන්ද්‍රිකා යොදාගෙන ගන්න තොරතුරු වලට අපි අතිවිශාල මුදලක් ගෙවනවා. අපේ රටටම අයිතිය තිබෙන චන්ද්‍රිකාවක අවශ්‍යතාව දැඩිව පවතිනවා. කාලගුණ අනාවැකි, සන්නිවේදන, භූමි මැනීම් ආපදා තත්ත්ව වලදී මෙම චන්ද්‍රිකා අතිශය වැදගත් වෙනවා. ඒ නිසයි අපි මෙම ව්‍යාපෘතියට වැඩි ප‍්‍රමුඛතාවක් ලබාදෙන්නේ’ යැයිද අමාත්‍යවරයා සදහන් කළේය.

අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කරන්නේ මෙම කාර්යය වසර තුනක පමණ ව්‍යාපෘතියක් බවයි.

0 comments:

Post a Comment