කුරුලෑ කියන්නෙ යෞවනියන්ට විතරක් නෙවෙයි, යෞවනයන්ටත් මහා හිසරදයක් වුණු දෙයක්. කවුරුත් කැමැතියි දකින අය තමන්ගේ මුහුණ හරිම ලස්සනයි කියනවාට. ඒත් ගොඩාක් අයගේ මේ හීනවලට ලොකුම බාධකයක් වෙන්නේ මුහුණේ ඇතිවන විවිධාකාර වුණු කුරුලෑ. මේ නිසාම බොහෝ දෙනා මුහුණේ සුන්දරත්වය රැකගන්න වෙළෙඳපොළේ තියෙන එක එක ආලේපනවලට යොමු වෙනවා. හැබැයි අන්තිමට ආලේපනවලට වියදම් කරන තරමට ප්‍රතිඵල නම් ලැබෙන්නේ නෑ කියල ගොඩාක් අය චෝදනා කරනවා. මේකට ප්‍රධාන හේතුව වෙන්නේ ඇතැම් ආලේපන වර්ග මුහුණේ සමට අහිතකරයි කියලා බොහෝ දෙනා නොදැන සිටීම. මොනව වුණත් තාවකාලිකව හරි විසඳුම් ලබාගන්න ආලේපන පසුපස ගිහින් තමන්ගෙ මුහුණයි, මුදලුයි දෙකම විනාශ කර ගන්නවට වඩා හොඳ ප්‍රතිකර්මයක් කුරුලෑවලට තියෙනවා කිව්වොත් ඒ ගැන ඔබත් උනන්දු නොවී ඉන්න එකක් නැහැ.
චීන කටු ප්‍රතිකාර ක්‍රමය කුරුලෑ නිට්ටාවටම සුවකර ගත හැකි ඉතාම ආරක්ෂාකාරී ප්‍රතිකාර ක්‍රමයක්. මතුපිටින් කුරුලෑ ඉවත් වුණාට භාවිත කරන ආලේපන නවත්වපු ගමන් පෙර තත්ත්වයටත් වඩා කුරුලෑ මතුවෙනවා නම් ඒ ආලේපනයෙන් සිදුවෙලා තියෙන්නේ ඔබේ කුරුලෑ සුවවීම නෙවෙයි. එමඟින් සිදුවී තිබෙන්නේ ඇතුළතින් තව තවත් අතුරු ආබාධ සහිතව කුරුලෑ වර්ධනය වීමක් පමණයි. හැබැයි අපි අද කතා කරන මේ චීන කටු ප්‍රතිකාර ක්‍රමය හුදෙක්ම කුරුලෑ යටපත් කිරීමක් නොවන බවත්, ඒ තුළින් කුරුලෑ නිට්ටාවටම සුවවෙන බවත් ඉතාම විශ්වාසයෙන් යුතුව තියන්න පුළුවන්. ඒ වගේම ඒ වෙනුවෙන් ඔබට දීර්ඝ කාලයක් බලාගෙන සිටිය යුතු වෙන්නෙත් නැහැ.
අපේ මුහුණේ සම නිර්මාණය වෙලා තියෙන්නේ ඉතාම සියුම්වයි. මිනිසාගේ ශරීරයේ අනෙක් ස්ථානවලට වඩා මුහුණේ සම ඉතාමත් සංවේදී වෙන්නෙත් ඒ නිසාමයි. මුහුණෙ ඇතිවන කුරුලෑ ස්වාභාවිකවම ඇතිවන යම් යම් දියරයන්ගේ රසායනික වෙනස්කම් නිසා ඇතිවන ආසාදන තත්ත්වයක්. එතකොට ඒ ආශි‍්‍රතව පැසවීමයි සිදුවෙන්නෙ. මේ කුරුලෑ සමහර විටෙක මුහුණෙ විතරක් නෙවෙයි පිට ප්‍රදේශයේත් පැතිර යන ආකාරයක් දකින්න පුළුවන්. මුහුණේ, පිටේ තැනින් තැන දහදිය බිබිලි විදියට මතුවෙලා රෝස පැහැයට හැරිල සියුම් වේදනාවක් එක්ක පිටතට පැමිණෙන කුරුලෑ තරුණ තරුණියන්ට විතරක් නෙවෙයි ඇතැම් විටක මැදි වයසේ අයටත් මහා හිසරදයක් වෙනවා කියන එක ඔබට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ.
කුරුලෑ ඇතිවෙන්න බලපාන ප්‍රධාන හේතු කාරණා කිහිපක් තියෙනවා. ඒ තමයි මල බද්ධය, මානසික අසහනය, ඔසප් වීම (කාන්තාවන්ට ආර්ථවය කිට්ටුවන කාලයේදී කුරුලෑ ඇතිවීම බහුලයි.), ස්වප්න මෝචනය, විවිධ ආලේපන වර්ග භාවිතය, මත්පැන්, දුම්වැටි පානය, පීනස් රෝගය, විෂ වායු අධික පරිසරයක වාසය කිරීම, තෙල් බහුල ආහාර අධික ලෙස ගැනීම, නිදි වැරීම, නිතර පැණි රස වර්ග ආහාරයට ගැනීම සහ මුහුණ පවිත්‍රව නොතබා ගැනීම. ඒ වගේම තරුණ තරුණියන් වැඩිවියට පත්වන වයසේදී මුහුණේ ඇති තෙල් සහිත ස්වභාවය අධික වීමත්, ශරීරයේ හෝමෝනවල ක්‍රියාකාරීත්වයත් කුරුලෑ ඇතිවීමට තවත් හේතුවක් වෙන්න පුළුවන්. කුරුලෑවලට ප්‍රතිකාර කිරීමට ප්‍රථමයෙන් ඒ ගැනත් දැනුම්වත් වීම වැදගත් වෙනවා.
කුරුලෑවලින් මිදිල ජීවත් වෙන්න නම් ක්‍රම කිහිපයක් ඔබට පහසුවෙන්ම අනුගමනය කරන්න පුළුවන්. ඒ තමයි අධික ලෙස උෂ්ණ ආහාර පාන නොගැනීම, තෙල් සහිත ආහාර නොගැනීම, මත්පැන් දුම්වැටිවලින් අෑත්වීම, අසභ්‍ය පොත්පත්, චිත්‍රපට හෝ වෙනත් දර්ශන නැරැඹීමෙන් වැළකීම, සම නිතර නිතර නොඇල්ලීම, අවේලාවේ ස්නානය නොකිරීම, පැණි රස කෑම සීමා කිරීම, රසායනික ද්‍රව්‍ය අධික රූපලාවණ්‍ය ආලේපන භාවිත නොකිරීම සහ සිත නිතරම සැහැල්ලුව තබා ගැනීමත් වැදගත්.
මේ දේවල්වලින් ආරක්ෂා වෙන අතරේ චින කටු ප්‍රතිකාරවලට යොමුවීමෙන් සති තුනකට වඩා වැඩි කාලයක් ඔබට කුරුලෑ නිසා අපහසුතාවට පත්වන්න සිද්ධ වෙන්නේ නෑ. චීන කටු ප්‍රතිකාර කිරීමේදී කුරුලෑ සුව කරන්න පාරම්පරික නිල ස්ථාන කිහිපයක් යොදා ගැනීමත් විශේෂයි. මේ නිල ස්ථානවලට අතුරු ආබාධ කිසිවකින් තොරව චීන කටු ප්‍රතිකාර ලැබීමෙන් ඔබට කුරුලෑ නිට්ටාවටම සුවකර ගැනීමට හැකියාව ලැබෙන බව වගකීමෙන්ම ප්‍රකාශ කරන්නේ වසර ගණනාවක පළපුරුද්ද සහ අත්දැකීම්ද ඇතිවමයි.
උපදෙස් :
කළුබෝවිල චීනකටු සායනයේ අධ්යක්ෂ
වෛද්‍ය ප්‍රසාද් දේශප්‍රිය
071-4299777
සටහන - චාමිකා මුණසිංහ
0 comments:
Post a Comment