උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා
දැන් ඔබාමා යෝජනාවක් ගෙනල්ල අපිට විරුද්ධව ලංකාවේ බිමට ඔය එක කාලකණ්නියෙක්ට වත් එන්න දෙන්නේ නෑ කියල කියල තමුන්නාන්සේලාගේ පාර්ලිමේන්තුව තීරණය කරල ඉවරයි. හොඳ වාර්තාවක් හදයි ලංකාවට විරුද්දව හදල මේ ලංකාවට විරුද්ධව මේවා මේවා කරන්න ඕන කියල හදල එක්සත් ජාතීන්ගේ සංවිධානයට දාල ඒක සම්මත කරයි. ආරක්ෂක මණ්ඩලයට ඕක ආපුවාම ආරක්ෂක මණ්ඩලයේ චීනයත් ඉන්නවා, රුසියාවත් ඉන්නවා,අපි හිතනවා ඒ අය අපිත් එක්ක හිට ගනියි කියල ඒ හින්දා ආරක්ෂක මණ්ඩලයේදී චීනය හරි රුසියාව හරි විරුද්ධයි කිව්වම එකම දෙයයි තියෙන්නේ. මේක හොඳට කරකවල අරන් පිල්ලේගේ පිටිපස්සේ ගහගන්න. වෙන මුකුත් කරන්න බෑ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා
මේ ජාත්‍යන්තර පරීක්ෂණ එන්නේ ඇයි. මේ ජාත්‍යන්තර පරීක්ෂණ ප්රභාකරන් මරපු නිසා.මේ ජාත්‍යන්තර පරීක්ෂණ එල්ටීටීඊය විනාශ කරපු නිසා. මේ ජාත්‍යන්තර පරීක්ෂණ, බටහිර රටවල් කිපයු ද් අහන්නේ නැතුව යුද්දේ නවත්තන්න කිව්වාම යුද්දේ නවත්තන්නේ නැතුව මේ රටට සාමය රටක් විදිහට තීන්දු තීරණ ගත්ත හින්දා. ප්රභාකරන්ට අත තිබ්බේ නැත්නම් ඔය ජාත්‍යන්තර පරීක්ෂණ නැහැ. එල්ටීටීඊය විනාශ නොකළා නම් ඔය ජාත්‍යන්තර පරීක්ෂණ නැහැ. කුමන මුහුණවරින් කෙසේ ආවත්, ඒ පරීක්ෂණ ආවත් ඒ පරීක්ෂණ පිටුපස සිටින්නේ ඉතිරි වී සිටින මුහුදෙන් එගොඩ සිටින එල්ටීටීඊ ක්‍රියාකාරීන්ගේ බලාපොරොත්තු තමයි ඔය පරීක්ෂණ පිටිපස්සේ තියෙන්නේ. ඔය විදිහේ පරික්ෂණවලට ගිහිල්ලා ලෝකේ කිසිම රටක් ඒ රටක් ඉතුරුවෙලා නෑ. ඒ හැම රටක්ම විනාශයි
උද්භිද උද්‍යාන හා පොදු විනෝදාත්මක කටයුතු අමාත්‍ය ජයරත්න හේරත් මහතා
අද අමරිකන්කාරයා බටහිර රටවල් ටික එකතු වෙලා අපේ ආණ්ඩුව විනාශ කරන්න මේ මහජනතාව විවිධ කුමන්ත්‍රණ ක්‍රියාත්මක කරන්න උත්සාහ කරන මොහොතත් කියන එක තමුන්නාන්සේලා අමතක කරන්න එපා .පහුගිය සතියේ තමුන්නාන්සේලා දකින්න ඇති අමරිකන් තානාපතිවරිය පත්තර දැන්වීමක් දානවා මේ ස්වෙච්ඡා සංවිධාන වලට එන් ජි ඕ වලට කියනවා අපි උඹලා වගේ මිනිස්සුන්ට ඡන්දේ දෙන විදිහ ගැන උගන්වන්න ඡන්දේ පාවිච්චි කරන පිළිවෙත පිළිබඳව උඹලට කතා කරලා දෙන්න අපි ලක්ෂ 2000ක මුදලක් අපි වෙන් කරලා තියෙනවා සම්මන්ත්රණ තියන්න උපදෙස් දෙන්න .මේ එන්නේ මිත්‍රවරුණි අපේ මිනිස්සුන්ට ඡන්දෙ දෙන්න උනන්දු කරන්න නෙමෙයි. එළඹෙන ජනාධිපතිවරණයේ අපේ ඡන්ද පදනම විනාශ කරන්න
0 comments:
Post a Comment