Yahoo සමාගමේ අධ්‍යක්ෂවරියකට එරෙහිව සේවිකාවකගෙන් ලිංගික අතවර චෝදනා ~ niruwatha

Sunday, July 13, 2014

Yahoo සමාගමේ අධ්‍යක්ෂවරියකට එරෙහිව සේවිකාවකගෙන් ලිංගික අතවර චෝදනා

සේවිකාවකට ලිංගික අතවර සිදු කිරීමේ චෝදනා මත Yahoo සමාගමේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂවරියකට එරෙහිව නඩු පවරා තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ඇය යටතේ සේවය කරන සේවිකාවක විසින් මෙම නඩු පැවරීම සිදු කර ඇති බව ය.
අදාළ චෝදනාව එල්ල වී ඇත්තේ, Yahoo සමාගමේ ඉංජිනේරු අංශයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂවරියක වන වන මාරියා ෂෑන්ග්ට එරෙහිව ය.
කැලිෆෝනියාහි අධිකරණයක් හමුවේ ඇයට එරෙහිව මෙම නඩුව පවරා ඇත්තේ,  නැං ෂි නමැති ප්‍රධාන මෘදුකාංග ඉන්ජිනේරුවරියක විසිනි.
අධ්‍යක්ෂවරිය අවස්ථා කිහිපයකදී ම තමන්ට ලිංගික අතවර සිදු කළ බවට නැං ෂි සිය පැමිණිල්ලෙන් ප්‍රකාශ කර තිබේ.
Yahoo ආයතනය තුළ යහපත් ආකාරයේ අනාගතයක් පවත්වා ගැනීමට අවශ්‍ය නම් තමන්ගේ ඉල්ලීමට එකඟ වන ලෙස අධ්‍යක්ෂවරිය තමන්ට පැවසූ බවට ද එම පැමිණිල්ලේ සඳහන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
අදාළ නඩුවෙන් යාහු ආයතනය ද විත්තිකරුවෙකු කර ඇති අතර වන්දියක් මෙන් ම අදාළ අධ්‍යක්ෂවරියට දඩුවම් නියම කරන ලෙස ද නැං ෂි ඉල්ලා සිටින්නී ය.
මේ සම්බන්ධයෙන් අදහස් දකවමින් Yahoo ආයතනය පවසා ඇත්තේ, මාරියා ෂෑන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනා පදනම් විරහිත අසත්‍ය ඒවා බව ත් ඇය ආයතනයේ යහපත් චරිතයක් සහිත තැනැත්තියක බව ත්  ය.
ඒ අනුව ඇය වෙනුවෙන් සිය ආයතනය පෙනී සිටින බව ද Yahoo සමාගමේ ඉහළ නිලධාරියෙකු උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
මාරියා 2013 වසරේදී Yahoo සමග සම්බන්ධ වී ඇති අතර මීට පෙර මයික්‍රොසොෆ්ට් සහ ෂිලෝ සමාගම්වල ද සේවය කර තිබේ.

0 comments:

Post a Comment