පැලවත්තේ පන්සලක් කැඩීමට ගත් තැතක් සිංහල රාවයෙන් නවතයි ~ niruwatha

Thursday, January 30, 2014

පැලවත්තේ පන්සලක් කැඩීමට ගත් තැතක් සිංහල රාවයෙන් නවතයි














පැලවත්ත පහලවෙල ප්‍රදේශයේ පන්සලක් ඉවත්කිරීමට ගත් උත්සාහයක් සිංහල රාවය ජාතික සංවිධානය මගින් නැවත වූ බව එම සංවිධානයේ මාධ්‍ය අංශය විසින් දැනුම් දෙන ලදී.

එම පන්සල මීට කලකට ඉහතදී ඉදිකර ඇති අතර පන්සල් භූමිය කොටස් දෙකක් ලෙස නීත්‍යානුකුල ඔප්පු දෙකක් ලබා ගෙන ඇත.පසුව පන්සල ආසන්නයේ පදිංචි පිරිසක් විසින් පන්සලට එරෙහිව සිදු කළ මෙම ක්‍රියාව ප්‍රදේශයේ ජනයා හා සිංහල රාවය ජාතික සංවිධානය එකතු වී නවත්වා ඇත.

මෙම අවස්ථාවට සිංහල රාවය ජාතික සංවිධානයේ සභාපති පූජ්‍ය අක්මීමන දයාරතන හිමි, මහලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි , මානව සම්බන්ධීකරණ ලේකම් මාගල්කන්දේ  සුදත්ත හිමි සහ තවත් හිමි වරුද සම්බන්ද වී ඇත.