ජිනීවා ගින්නට පිදුරු දාන්න එන්.ජී.ඕ. ලෑස්‌ති වෙයි ~ niruwatha

Friday, January 31, 2014

ජිනීවා ගින්නට පිදුරු දාන්න එන්.ජී.ඕ. ලෑස්‌ති වෙයි

ජිනීවා මානව හිමිකම් සමුළුව ඉදිරියේදී ශ්‍රී ලංකාවට එරෙහිව සාවද්‍ය ප්‍රකාශ කිරීමේ අරමුණින් දෙස්‌ විදෙස්‌ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් විසිදෙනකු ජිනීවා යන බව අනාවරණය වී ඇත.

මෙම කණ්‌ඩායමට ප්‍රංශය, කැනඩාව සහ බ්‍රිතාන්‍යයේ සිටින කොටි ඩයස්‌පෝරාවේ සුරේන් සුරේන‍ද්‍රන්, වී. කිරුබාහරන් සහ ගැරී ආනන්දසංගරි ද එක්‌වෙති.

මෙකී පිරිස මාර්තු 3 දාට පෙර ජිනීවා පැමිණෙන්නේ විදේශ තානාපතිවරු හමුවී ඔවුන්ගේ ඡන්දය ඇමරිකාවට පක්‍ෂව ලබාදෙන ලෙස ඉල්ලීමට යෑයි අනාවරණය වී ඇත.

මෙලෙස ජිනීවා යන ශ්‍රී ලාංකික එන්. ජී. ඕ. ක්‍රියාකාරීන් පස්‌දෙනකුගේ සංවිධානවලට අරමුදල් සපයා ඇත්තේ ඇමරිකානු සංවිධාන බවට හෙළිවී තිබේ.

0 comments:

Post a Comment