ජාත්‍යන්තර වැඩවලට මැදිහත් වෙන්න උතුරු පළාත් සභාවට බෑ ~ niruwatha

Friday, January 31, 2014

ජාත්‍යන්තර වැඩවලට මැදිහත් වෙන්න උතුරු පළාත් සභාවට බෑ

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර කටයුතුවලට මැදිහත් වීමට උතුරු පළාත් සභාවට කිසිදු හිමිකමක්‌ නැතැයි රජය එම පළාත් සභා බලධාරීන්ට දන්වා ඇත.

පළාත් සභා බලතලවලට පටහැනිව උතුරු පළාත් සභාව ශ්‍රී ලංකා රජයට එරෙහිව යුද අපරාධ චෝදනාවක්‌ එල්ල කිරීමත් උතුරු පළාත් සභාව නියෝජනය කරමින් ආනන්දි සසිතරන් නමැත්තිය ජිනීවා යෑවීමට සැලසුම් කිරීමත් පළාත් සභා පනත උල්ලංඝනය කිරීමක්‌ බව රජය ප්‍රකාශ කරයි.

ආනන්දි සසිතරන් නමැත්තිය ස්‌විට්‌සර්ලන්තයට යැම සඳහා දෙවරක්‌ම කළ ඉල්ලීම ස්‌විස්‌ රජය විසින් ප්‍රතික්‍ෂේප කර ඇත.

ඇය ස්‌විට්‌සර්ලන්තයේ දේශපාලන රැකවරණය ද ඉල්ලා තිබූ බව රජයට වාර්තා වී තිබේ.

0 comments:

Post a Comment