ජිනීවා වලදී මම බෝම්බයකට අහුවන තෙක් සමහරුන් බලා සිටිනවා ~ niruwatha

Friday, January 31, 2014

ජිනීවා වලදී මම බෝම්බයකට අහුවන තෙක් සමහරුන් බලා සිටිනවා

ජීවිත පරිත්‍යාගයෙන් රැක ගත් නිදහස පිටරැටියන්ට පාවාදීමට තමන් කිසි ලෙසකින්වත් සූදානම් නොමැති බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (31 දා) අවධාරණය කළේය. 

රටේ බෝම්බ නොපිපිරුණත් ජිනීවාවල රටට එරෙහි බෝම්බ පිපිරෙමින් පවතින බව පැවසූ ජනාධිපතිවරයා එම බෝම්බ ප්‍රහාරවලට තමන් හසු වන තෙක්‌ ඇතැමකු බලා සිටින බවද සඳහන් කළේය.

රටේ ජාතියේ ස්‌වාධීනත්වය පාවාදීමට කිසිවකුට නොහැකි බවත් අප ඉපදුන අප මියයන මාතෘ භූමිය රැක ගැනීම සැමගේ වගකීමක්‌ බවත් රාජපක්‍ෂ මහතා පැවසීය.

ජනාධිපතිවරයා එම කරුණු පැවසුවේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ උප සභාපති කළුතර දිස්‌ත්‍රික්‌ නායක ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් සිව්වැනිවරටත් පවත්වන ලද කළුතර දිස්‌ත්‍රික්‌කයේ පාසල් දුවා දරුවන්ට පාසල් උපකරණ ඛෙදා දීමේ (දිරි උදා 2014) වැඩසටහන මතුගම ශාන්ත මේරි විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ පැවැති අවස්‌ථාවේදී අදහස්‌ දක්‌වමිනි.

0 comments:

Post a Comment