සිනහව දිනු නෙහාරා සහ මේනක ~ niruwatha

Wednesday, January 29, 2014

සිනහව දිනු නෙහාරා සහ මේනක


ජීවිත දෙකක් එකට එක්වී සුන්දර ලෝකයක් හදන්නට සොබා දහමෙන් අපට වරමක් ලබා දී ඇත.ඒ වරම නම් ආදරයයි.සොබා දහමින් ඒ ලැබුණු වරම තවත් ලස්සන හා පිරිසිදු කිරීම උදෙසා සංස්කෘතියෙන් එයට විවාහයක් ලෙස සැබෑ අර්ථයක් හා වටිනාකමක් ලබා දී ඇත.එසේම නීතියද යම් තාක් දුරට එය තවත් ශක්තිමත් කිරීම සඳහා නීත්‍යානුකූල විවාහයක් ලබා දී ඇත.

වර්තමාන සමාජයේ මෙය නීත්‍යානුකූල විවාහයක් ලෙස ව්‍යවහාර වේ.දැනට ලංකාවේ පවතින නීතියට අනුව එසේ වරමක් ලැබිය හැක්කේ එක් අවස්තාවක් එකක් ලෙස පමණි.
නැත්නම් නීත්‍යානුකූලව සිදු කර ගත හැක්කේ එක් විවා හයක් පමණි.තවත් විවාහයක් කර ගැනීමට අවශ්‍යනම් ප්‍රථම විවාහය කටු ගා දැමිය යුතුය.එසේ කටු ගා ගැනීමේදී දැන් මොඩන් යැයි කියනා ශ්‍රී ලාංකීය සමාජයේදී දැඩි දෝෂාරෝපණයට සහ අසරණභාවයට පත් වන්නේ දරුවන් සහ කාන්තා පාර්ශවයයි.පුරුෂයන්ට එසේ නොවනවාම නොව.

එසේම එලෙස විවාහයක් කටු ගෑමට කාන්තාවගේ හෝ පුරුෂයාගේ යම් වැරදී හෝ නොයෙකුත් හේතූන් , කාරණාවන් තිබිය හැක.එය පවුලෙන් පවුලට වෙනස් විය හැක.

විවාහය ගැන මදක් කතා කළද අද අපේ මාතෘකාව වන්නේ ප්ප්‍රසිද්ද රංගන ශිල්පියකුගේ සහ ශිල්පිනියකගේ විවාහයක් ගැනයි.ඒ නෙහාරා පිරිස් සහ මේනක රාජපක්ෂ යුවලයි.මොවුන්ගේ ප්‍රේමය දළු ළා වැඩී දැන් ඔවුන් විවාහක යුවලක් බවට පත් වී ඇත.ඔබ ඔවුන්ගේ එම විවාහ ඡායාරුප විවිධ මාධ්‍ය ඔස්සේද දකින්නට ඇත.බලන්න මෙවන් සුන්දර යුවලක විවාහය කෙතරම් රසබර ඇත්ද?




ඔවුන් දෙදෙනාම එලෙස විවාහ වුවද දෙදෙනාම මීට පෙර විවාහ වී ඇත.නමුත් දැන් ඔවුනට ඔවුනගේ සැබෑ ප්‍රේමය මුණ ගැසී ඇත.

මේනක,නෙහාරා එහෙනම් ඔය දෙන්නට සුභ මංගලම්..!
පාඨක ඔබත් ඔවුනට සුභ පතන්න..!


7 comments:

Anonymous said...

;(( කාලකන්නි.පවු අර අසරණ ගෑනි සහ දැරිවි

Anonymous said...

මේව NEWS ද බන්..?? අසරන දරු පවුලකට ගින්දර දීලා, ඒ මදිවට "සිනහව දිනු" කියල හෙඩිමකුත් දාලා... මෙවුන් නෙමෙයි තොපි ලැජ්ජා වෙයව් අඩ්මිනෝ... මේ වගෙ NEWS දාල මේ කාලකන්නිට කඩේ යනවට...

Anonymous said...

මේව NEWS ද බන්..?? අසරන දරු පවුලකට ගින්දර දීලා, ඒ මදිවට "සිනහව දිනු" කියල හෙඩිමකුත් දාලා... මෙවුන් නෙමෙයි තොපි ලැජ්ජා වෙයව් අඩ්මිනෝ... මේ වගෙ NEWS දාල මේ කාලකන්නිට කඩේ යනවට...

Anonymous said...

3 වෙනි Anonymous පොඩ්ඩක් සම්පුර්ණ ලිපිය කිවපන් බන් බොරුවට ඇඩ්මින්ලට බනින්නේ නැතුව.
උන් කියලා තියෙම්මේත් උබ කිව්වා එකම තමා.උන්ට තොපි වගේ මූණටම කෙලලා මෙහෙම ගහන එකවත් නැති කරගන්න කියලද උබ කියන්නේ?

Anonymous said...

wili sange nathi haththa

Unknown said...

වැඩි කල් නොපවතීවා දරුවට දුන් ගින්දර මේ දෙන්නටම පත්තු වේවා .....

Anonymous said...

Personally I can't wish this couple instead I love to curse this two. Really hate this matching.

Post a Comment