කුඩු, රත්රන්, මිනිස්‌ ජාවාරම් මුදලාලිලාගේ දේපළ රාජසන්තකයි ~ niruwatha

Thursday, February 13, 2014

කුඩු, රත්රන්, මිනිස්‌ ජාවාරම් මුදලාලිලාගේ දේපළ රාජසන්තකයි

හෙරොයින්, රත්තරං සහ මිනිස්‌ ජාවාරමේ යෙදෙමින් රුපියල් කෝටි ගණනින් මුදල් ඉපැයූ මහා පරිමාණ ජාවාරම්කරුවන්ට අයත් සියලුම දේපළ තහනම් කර රජයට පවරා ගැනීමට තීරණය කර ඇත.

රට පුරා සිටින ප්‍රධාන පෙළේ හෙරොයින්, රත්තරං සහ මිනිස්‌ ජාවාරමේ යෙදෙන ජාවාරම්කරුවන් දස දෙනකුට අයත් දේපළ අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වනවිට හඳුනාගෙන තිඛෙන අතර ඒවා ඉදිරි දිනවලදී අධිකරණ නියෝග ලබාගෙන තහනම් කිරීමට නියමිතය.

ගන්දර ප්‍රදේශයේ සිටි මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කරුවකුට අයත් රුපියල් කෝටි 200 ක දේපළ මේ වන විට තහනම් කිරීමට අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

මෙම හෙරොයින් ජාවාරම්කරුට අයත් ට්‍රෝලර් යාත්‍රා 10 ක්‌ විශාල ඉඩම් කීපයක්‌, වාහන, නිවාස, බැංකු ගිණුම්වල ඇති මුදල් ඇතුළු තවත් වටිනා දේපළ මේ අනුව රජයට පවරා ගනු ඇත.

හේමන්ත රන්දුණු 

0 comments:

Post a Comment