පියුමිටත් ආදරය ඕනෙලූ... ~ niruwatha

Thursday, February 13, 2014

පියුමිටත් ආදරය ඕනෙලූ...

පියුමි මේ දවස්වල ටිකක් නිහඬයි. ඒ නිහඬ බවටත්, සාධාරණ හේතු තියෙනවා. පියුමිගේ ජීවිතේ වෙනසක් වෙලා.. ඒ වෙනස ගැන ඇය ප්‍රථම වරට කතා කළේ අපිත් එක්ක...


පියුමි මොකද වැඩි සද්ද බද්ද නැත්තේ?
තව ටික දවසකින් සද්ද බද්ද ඇහෙයි. මොකද මේ දවස්වල ටෙලි නාට්‍ය දෙකක රූගත කිරීම්වලට සහභාගි වෙනවා.

තාමත් පියුමි ජනප්‍රියද?
එළියට බැස්සම නම් තාම ජනයාගේ ප්‍රියක් තියෙනවා කියලා දැනෙනවා.

ජීවිතේ ලොකු වෙනසක් වුණා කියලා ආරංචියි?
මොන වගේ වෙනසක් ගැනද අහන්නේ?

පියුමිගේ කසාදයත් කටු ගෑවිලාලු?
ඇත්ත. මට දික්කසාදය ලැබුණා.

ළඟකදී ද?
නෑ. දැන් ටික කාලයක් වෙනවා.

දික්කසාද වුණු බව වසන් කරන්නද හිතුවේ?
නෑ. මට එහෙම වුවමනාවක් කොහෙත්ම තිබුණෙ නෑ.

එහෙනම් මෙච්චර දවසක් මාධ්‍යයෙන් විවාහය, දික්කසාදය ගැන අහනකොට ලිස්සල ගියේ?
දැන් ඔයා ඇහුවා වගේ කිසිම කෙනෙක් කෙළින් ඇහුවෙ නෑ. වටින් ගොඩින් අහන ප්‍රශ්නවලට පැනලා උත්තර දෙන්න ඕනෑ නෑනේ.

රටටම පේන්න මඟුල් කාලා අන්තිමට විවාහය දෙදරලා යද්දී දරාගත්තේ කොහොමද?
රටටම පේන්න, නමට විතරක් දීග කනවාට වඩා කතාබහ කරලා වෙන් වෙන එක දෙන්නටම හොඳයි නේද?

ඕවා හිතන්න තිබුණෙ කළින් නේද?
කාල බලලා මිනිස්සුන්ව ආශ්‍රය කරන්නේ නෑ නේද? ජීවත් වෙනකොටනේ ප්‍රශ්න ඇතිවෙන්නේ.

විවාහ වෙන්න කළින් චමල් ගැන දැනගෙන හිටියේ නැද්ද?
ඒක යෝජිත විවාහයක්. වෙඩින් එකට දවස් දහයකට කලින් තමයි චමල් ලංකාවට ආවේ. ඊට කලින් අපි internet වලින් කතා කරලා තිබුණා. මාස තුනක් විතර ඇසුරක් තිබුණේ.

චමල්ගෙන් දික්කසාද වෙන්න තරම් සාධාරණ හේතුවක් තිබුණද?
දෙපැත්තට වෙලා මඩ ගහගන්න අපිට ඕනෑ නෑ. වෙච්ච දේ වුණා. දැන් ඒක ඉවරයි. දැන් චමල්ගේ අඩුපාඩු කිව්වා කියලා වෙච්ච වැරැදි හදාගන්න බෑනේ. අපි අතර නොගැළපීම් නිසා ප්‍රශ්න ඇති වුණා. ඒ ප්‍රශ්නවලට විසඳුම් පේනතෙක් මානෙක නැති නිසා අපි කතා කරලා වෙන්වුණා.

ඒක එහෙම වුණා කියමුකො. එතකොට පියුමිට දරුවෙක් ඉන්නවා කියන කතාව මොකක්ද?
ඕක එක්තරා රූපවාහිනි නාළිකාවක අපිව බයිට් කරන වැඩසටහනක මගේ ආදරය ඉල්ලන මුවාවෙන් මාව බයිට් කරන්න හදනකොට මම කියපු කතාවක්. දවසෙන් දෙකෙන් දරුවො ලැබෙන්නෙ නෑනේ. එහෙනම් මම මාස නවයක් හැංගිලා ඉන්න ඕනෑනේ. ඒත් මම පේන්න එළි පහෙළියෙ හිටියානේ.

ඒත් පසුගිය කාලේ පියුමි ගැන විවිධ කතා පැතිරුණා?
මමත් දැක්කා. සමහර වෙබ් අඩවිවල අමූලික බොරු පළවෙලා තියෙනවා.

ගින්නක් නැතිව දුම් නඟීද?
අපේ සාර්ථකත්වය දරාගන්න බැරි සමහර අපේම අය අපිට මඩගහනවා. අපි මේ ක්‍ෂේත්‍රයට පයගැහුවෙ පිළිවෙළකට. සමහරුන්ගේ තනියට ඇවිත් අද නිළියො වෙලා ඉන්න අයත් ඉන්නවානේ. එහෙම කෙනෙක්ට තමයි මාව නැත්තටම නැති කරලා දාන්න ඕනෑ වුණේ. ඒ යොදපු උපක්‍රමයක් තමයි ඔය මං ගැන පැතිරුණ කතා. ඒවට උල්පන්දම් දෙන පිරිසකුත් ඉන්නවානේ. ලුණු ඇඹුල් දාලා ඉතුරු ටික ඒ අයම රසවත් කරනවා.

තමන්ගෙම වරිගෙ අයට ‍දොස් කියන එක හරිද?
මම හැමෝටම චෝදනා කරන්නෙ නෑනේ. සිද්ධියට අදාළ එක්කෙනෙක්ට දෙන්නෙක්ට විතරයි චෝදනා කරන්නේ. තොප්පිය හරි අය දාගනීනේ.

වෙච්ච දේවල් එක්ක “ආදරය” කරන්න දැන් බයද?
අනේ, ඒත් පියුමි කියන්නේ අවංක ආදරයට හුඟාක් කැමැති කෙනෙක්. මගේ ජීවිතේටත් සැබෑ ආදරයක් ඕනෑ.

ඒ කියන්නේ ආයෙමත් ආදරවන්තියක් වෙන්න කැමැතියි?
ආදරවන්තියක් විතරක් නෙවෙයි මට හොඳ අම්මා කෙනෙක් වෙන්නත් ඕනෑ.

අම්මා කෙනෙක් වෙන්න කලින් පෙම්වතියක්, බිරියක් වෙන්න ඕනෑනේ. ඒ කියන්නේ පියුමි දැනටමත් පෙම්වතියක්ද?
ඒකට උත්තර දැන්ම කියන්නෙ නෑ. හැබැයි මේ කිව්වා වගේ මුලින්ම කියන්නෙත් හදගැස්මටම තමයි.

රෑ වැටුණු වළේ දවල් නොවැටෙන්න වගබලාගෙනද තියෙන්නෙ?
අපෝ ඔව්. එකපාරක් වැරැදුණාට දෙවැනි පාර එහෙම නොවේවි කියලා හිතනවා. එහෙම නොවෙන්න කියලත් මම අදහන දෙවියන්ගෙන් බුදුන්ගෙන් ඉල්ලනවා.
දෙවියො බුදුන් අදහනවද?
මගේ ජීවිතේ එක බුදුන් සහ බුදු දහම. ආගම දහමට මම ඔයාලා හිතනවාට වඩා නැඹුරුයි. හැබැයි ලෝකෙට පේන්න නෙවෙයි.

හිමේෂා සවන්තී රාජපක්ෂඡායා - අසන්ත ගමආරච්චි    

0 comments:

Post a Comment