මේ සම්බන්ධයෙන් අප විමසීමේදී ප්‍රාකාශකයෙකු පැවසුවේ මෙම අල විශේෂය 1976 වසරේදී ශ‍්‍රී ලංකාවට නයිජීරියාවෙන් හඳුන්වාදෙන ලද්දක් බවයි.
ආහාරය සඳහා වඩාත් යෝග්‍ය මෙම අල විශේෂය නම් කර ඇත්තේ එශුමා නමිනි.
අතෙහි ඇගිලි මෙන් හට ගන්නා මෙම අල විශේෂය වසරකට වරක් පමණක් හට ගන්නා බවද එම ප‍්‍රකාශකයා පැවසුවේය.
මෙම අලය අමාත්‍යවරයාගේ ගෙවත්තේ පොළව අඩි හතක් පමණ යටට හෑරීමෙන් අනතුරුව ගොඩ ගෙන ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන මහතා, අපි වවමු – රට නගමු වැඩසටහන යටතේ තමන් මීට වසරකට පෙර මෙම අල වර්ගය ගෙවත්තේ වගා කළ බව පැවසුවේය.
10:02 PM
Unknown

0 comments:
Post a Comment