උතුරේ පාතාලය නැවතත් ? ~ niruwatha

Monday, February 10, 2014

උතුරේ පාතාලය නැවතත් ?

යාපනය වඩුකෝඩ්ඩේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් ඩීනෝ ගෘප් පාතාල කණ්‌ඩායම ස්‌ත්‍රී දූෂණ, කප්පම් ගැනීම්, කපා කොටා පහරදීම් ඇතුළු විවිධ අපරාධවල නිරතවී ඇත්තේ යුද හමුදා නිල ඇඳුම්වලින් සැරසී ගොස්‌ බව පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.

මෙම පාතාල කණ්‌ඩායම යුද හමුදා නිල ඇඳුමින් සැරසී ගොස්‌ විවිධ අපරාධවල නිරත වීම නිසා ආරක්‍ෂක අංශ යාපනය ප්‍රදේශයේ දෙමළ ජනතාව අතර අපකීර්තියට ලක්‌ව ඇති බව ද වාර්තා වෙයි.

මොවුන් සතුව තිබී විවිධ වර්ගයේ යුද හමුදා ඇඳුම් කට්‌ටල කීපයක්‌ද පොලිසිය සොයාගෙන ඇත.

මෙම පාතාල කල්ලිය මෙහෙයවා ඇත්තේ යාපනය කොකුවිල් නැගෙනහිර ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි මෝගන් අශෝක්‌ ඩීනෝ නමැති අයෙකි. මොහු විසින් මෙහෙයවන පාතාල කල්ලියට සාමාජිකයන් විසිදෙනකු සිටින අතර ඉන් නව දෙනෙක්‌ මේ වනවිට අත්අඩංගුවට ගෙන සිටිති.

මොවුන් සතුව තිබී සොයාගත් යුද හමුදා ඇඳුම්වලට අමතරව කඩු, යකඩ පොලු, බයිසිකල් චේන්, මන්නා පිහි ඇතුළු ආයුධ රැසක්‌ද පොලිසිය භාරයට ගෙන තිබේ.

විවිධ අපරාධවල නිරත වීම සඳහා මොවුන් ගමන් ගන්නා වටිනා යතුරුපැදි තුනක්‌ද අත්අඩංගුවට ගෙන තිබේ.

ඩීනෝ නමැති පාතාල කල්ලි නායකයා මේ වනවිට සැඟවී සිටින අතර ඔහු අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස්‌ කණ්‌ඩායම් 4 ක්‌ පුළුල් පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

යාපනය ප්‍රදේශයේ බිහි වී තිබූ ලආවා ගෘෘප්ල පාතාල කල්ලියට සම්බන්ධ වී කලක්‌ අපරාධ කර ඇති ලඩීනෝල නමැත්තා පසුව ඉන් ඉවත් වී ලඩීනෝ ගෘෘප්ල නමින් වෙනම පාතාල කල්ලියක්‌ බිහි කරගෙන ඇති බව වාර්තා වෙයි.

මේ වනවිට මෙම පාතාල කල්ලියට විරුද්ධව පැමිණිලි 10 ක්‌ පොලිසියට ලැබී ඇත. මෙම පාතාල කල්ලියට ඇති බිය නිසා බොහෝ දෙනකු ඔවුන්ට එරෙහිව පැමිණිලි කිරීමට බියවී සිටින බවද පොලිසිය පවසයි.

උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති පූජිත් ජයසුන්දර, යාපනය නියෝජ්‍ය පොලිස්‌පති රොහාන් ඩයස්‌ යන මහත්වරුන්ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ වඩුකෝඩ්ඩේ, කෝපායි චාවාකච්චේරි පොලිස්‌ ස්‌ථාන ඒකාබද්ධව කළ වැටලීම්වලදී මෙම සන්නද්ධ කණ්‌ඩායම අත්අඩංගුවට ගැනීමට හැකි විය.

විවිධ අපරාධ සඳහා මොවුන් යොදාගත් යුද හමුදා නිල ඇඳුම් ලැබුණේ කෙසේද යන්න සෙවීම සඳහා වෙනම පරීක්‍ෂණයක්‌ ආරම්භ කර තිබේ.

හේමන්ත රන්දුණු

2 comments:

Anonymous said...

ane mehemath lokayak

Anonymous said...

prabhakarange gnathi wena puthekda danne ne ;((

Post a Comment