අපි පළමු තැන සිටි ජාතියක්-ඒක නැතිකර ගන්න බෑ:මේ සම්පත් පිරුණු රටේ දරුවන්ට නිසි පෝෂණයක් ඕනෑ ~ niruwatha

Tuesday, February 11, 2014

අපි පළමු තැන සිටි ජාතියක්-ඒක නැතිකර ගන්න බෑ:මේ සම්පත් පිරුණු රටේ දරුවන්ට නිසි පෝෂණයක් ඕනෑ

අපේ ජාතිය අපි රැකිය යුතුයි. ඒ වගේම අපි රටේ පළමු තැනට හිමි ජාතියක්. ඒ තත්ත්වය අපි නැතිකර ගතයුතු නැහැ. අපි දරු දැරියන්ට ඉතා හොඳ පෝෂණයක් ලබාදිය යුතුයි. ගමේ කෑම බීම දුන්නම ඇති දරුවන්ව ලොකු මහත් කරවන්න. මේ රට සම්පත් තිබෙන රටක්. අපේ වනාන්තරවල ප්‍රයෝජනයට නොගන්න කිසිවක් නැතැයි කියලා රොබර්ට් නොක්ස් ඔහුගේ පොතේ සඳහන් කළා. අපේ දරු දැරියන්ට ආදර්ශවත් ජීවිතයක් ගතකරන්න ඉගැන්විය යුත්තේ අපි බව මතක තබාගත යුතුයි. මේ වැඩිහිටි පරපුරට මා දෙන පණිවුඩය එය බව පාර්ලිමේන්තු මන්ත්‍රි ජේ. ආර්. පී. සූරියප්පෙරුම මහතා නුගේගොඩදී පැවැසීය.

දරු දැරියන්ගේ කතා බහට හෝ විවේචනයට මුතුන් මිත්තන් පත් නොවිය යුතු බව පෙන්වා දෙන බවත් සෑම මිත්තණියක්ම තම මුනුබුරු මිනිබිරියනට කටට රසට වෑංජන දෙකක් හෝ පිසීමටත් කෑමට බීමට ගනු ලබන දෑ සෑදීමට එම ක්‍රම උගැන්විය යුතුය.

සිංහල ජාතිය මිය යෑමට පෙර සිංහල ආහාර වේල මැරී යයිදැයි තමාට සැකයක් ඇති බවත්. දැන් කාන්තාව නිවෙසේ කුස්සියත් මුළුතැන් ගෙයින් ඉවත්ව පැන්ටි්‍රයට පැමිණියෙන් ටේක් එවේ ආහාර මිලදී ගැනීමේ අලුත් ක්‍රමයට හුරුවී ඇත. ඉන් අප රටේ මහත් ප්‍රශ්නකාරී තත්ත්වයක් උද්ගතව ඇත.

ජනසෙත කෝට්ටේ 2014 කෘතිය වඩාත් පලදායී ලෙස තවත් වැඩි දියුණු කරන ලෙස මා ඉල්ලා සිටිනවා. එය දරු දැරියන්ගේ ප්‍රයෝජනයට ගත හැකි දේ ඇතුළත් කර නැවත සංශෝධනය කර ඉදිරිපත් කරන්න කියා මා යෝජනා කරනවා.
රට බේරාගත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ රටේ මවුපියන්ගේ දෝතට සාමයේ දරුවා ලබා දුන්නා. දැන් ඒ දරුවාට වයස අවුරුදු 4 ඉක්ම යමින් තිබෙනවා.



0 comments:

Post a Comment