ශ්‍රී පාදයේ අක්කර 1000ක් පමණ විනාසයි ~ niruwatha

Tuesday, February 11, 2014

ශ්‍රී පාදයේ අක්කර 1000ක් පමණ විනාසයි

ඉකුත් හය වැනිදා පෙරවරු 11ට පමණ ශ්‍රී පාද රක්‍ෂිතයේ හටගත් ගින්න නිවීමට ගිනි නිවන හමුදාවට නොහැකිවීම නිසා ගින්න තවමත් පැතිර යන බව රක්‍ෂිතය අවට පදිංචි වැසියෝ කියති.

ගින්නෙන් ශ්‍රීපාද අභය භූමියේ අක්කර 1000ක් පමණ මුළුමනින්ම විනාශ වී ඇති අතර ගිනි නිවන හමුදාව ගුවන් හමුදාව සමඟ එක්ව ගින්න නිවීමට තවමත් උත්සාහ කරමින් සිටී.

ගින්න පැතිරී යන්නේ ශ්‍රී පාද මළුවට ප්‍රතිවිරුද්ධ දිශාවට නිසා ගින්නෙන් ශ්‍රී පාද මළුවට අනතුරක් නැතැයි ගිනි නිවන හමුදාව කියයි. පවතින වියළි කාලගුණය සහ අධික සුළඟ ගින්න පැතිරීම වේගවත් වීමට හේතු වී ඇත.

0 comments:

Post a Comment