රජය යුධ අපරාධ කලැයි සෝභිත හිමි පවසා නැහැ ~ niruwatha

Wednesday, February 12, 2014

රජය යුධ අපරාධ කලැයි සෝභිත හිමි පවසා නැහැ

රජය යුධ අපරාධ කර ඇතැයි කිසිම අවස්තාවක ප්‍රකාශ නොකළ බවත් තමන් වහන්සේට මඩ ගැසීමේ අරමුණෙන් රාජ්‍ය මාධ්‍ය අසත්‍ය ප්‍රකාශ පතුරුවමින් සිටින බවත් සාධාරණ සමාජයක් උදෙසා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු පුජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියෝ පැවසුහ.

සාමාන්‍යයෙන් සිවිල් යුද්ධයකදී මිනිසුන් මියයාමට ඉඩ තිබෙන බැවින් ඒ පිළිබඳව පරික්ෂා කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉඩ දිය යුතු බව දෙමල පුවත්පතකට ප්‍රකාශ කලේ එම සංවිධානය සමග රජය ගිවිසුමකට අත්සන් තබා ඇති නිසා බවද උන්වහන්සේ කීහ.

මෙම අභියෝග වලට මුහුණ දීමට රජය කටයුතු කළහොත් චෝදනා වලින් මිදිය හැකි බව තමන් වහන්සේ පැවසු බවත් එම අදහස විකෘති කරමින් රජය අසත්‍ය ප්‍රකාශ පතුරවමින් යන බවත් සෝභිත හිමියෝ පැවසුහ.

"අපේ ජනාධිපතිතුමා ගිවිසුමක් අත්සන් කරලා තියෙනව ඒ වගේ පරීක්ෂණයකට කැමතියි කියලා.එතුමා නිදහස් දිනේදීත් ඒ බව කියා පැවසුවේ එකයි.ඒ නිසාම බැන්කි මුන් වගේ අය ලංකාවට  ආවොත් ඒ රජයේ අවසර ඇතිවයි.අපිට ජාත්‍යන්තරය සමග බැඳීම් තියෙන හින්දා අපේ නිවැරදි භාවය ඔප්පු කරනවා මිස බොරුවට මඩ ගහලා වැඩක් නැහැ."යයි උන් වහන්සේ අවධාරණය කළහ.

"යුද්ධයකදී මිනිසුන් මැරෙනවා කියන එක රහසක් නෙවෙයි.ඒක සාමාන්‍යයෙන් වෙන දෙයක් ජාත්‍යන්තරය මේක අල්ලාගෙන යුධ අපරාධ එල්ල වෙනවා කියලා බරපතල චෝදනා එල්ල කරනවා.රාජතාන්ත්‍රික මට්ටමින් මේවට උත්තර දීමයි දැන් කල යුත්තේ "යනුවෙන් උන් වහන්සේ තව දුරටත් පැවසීය.

මේ රට තුල යුධ අපරාධ සිදු වූ බව පැවසීමට තමන් වහන්සේට කිසිම අවශ්‍යතාවයක් නැති බවත්,එසේ ප්‍රකාශ කර නැති බවත් කී උන් වහන්සේ කිසිම අවස්තාවක රටට එරහි වන්නේ නැති බවද අවධාරණය කළහ.

0 comments:

Post a Comment