I.P.L. වලින් ඩිල්ශාන්,මහේල,කුලසේකර,අජන්ත,මැතිව්ස් විසි වේ. ~ niruwatha

Wednesday, February 12, 2014

I.P.L. වලින් ඩිල්ශාන්,මහේල,කුලසේකර,අජන්ත,මැතිව්ස් විසි වේ.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ වෙන්දේසිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිප දෙනෙකුටම හිස් අතින් ගෙදර ඒමට සිදු විය.ඊයේ පැවතී වෙන්දේසියට දැනට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන ජේෂ්ඨ ක්‍රීඩකයන් වන තිලකරත්න ඩිල්ශාන්,මහේල ජයවර්ධන,අන්ජල්ප් මැතිව්ස්,නුවන් කුලසේකර,අජන්ත මෙන්ඩිස් යන ක්‍රීඩකයින් මිලදී ගැනීම සඳහා කිසිම කණ්ඩායමක් ඉදිරිපත් නොවුනි,නමුත් තිසර පෙරේරා ශ්‍රී ලංකා රුපියල් කොටි 3.34 කට කිංස් ඉලෙවන් පන්ජාබ් කන්ඩායමටත්,මුත්තයියා මුරලිදරන් ශ්‍රී ලංකා රුපියල් කොටි 2.09 කට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමටත් විකිණින.

2014 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් මිලදී ගැනීමේ වෙන්දේසියේදී පුනේ වොරියස් කණ්ඩායමට ක්‍රීඩාකළ යුවරාජ් සිං මෙරට මුදලින් රු. කෝ. 29.26 ක පමණ මුදලකට මිලදී ගැනීමටරෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් හිමිකරුවන් කටයුතු කරනු ලැබීය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක මහේල ජයවර්ධන පළමු වටයේදී මිලදී ගැනීමට කිසිදු කණ්ඩායම් හිමිකරුවෙකු ඉදිරිපත් නොවීම විශේෂයෙන් කැපී පෙනුණි.

එමෙන්ම පසුගිය දින කිහිපය පුරාවට මතභේදයට තුඩු දුන් කෙවින් පීටර්සන් මෙරට මුදලින් රු. කෝ. 18.81කට මිලදී ගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් හිමිකරුවන් ඉදිරිපත් වුවද, ඔහු ක්‍රීඩා කළ දිල්ලි කණ්ඩායම එම මුදලට කෙවින් පීටර්සන් තවදුරටත් තම කණ්ඩායමේ රඳවා ගැනීමට කටයුතු කරනු ලැබීය.

තවද ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයෙකු වූ විරේන්ද්‍ර සේවාග් මෙරට මුදලින් රු. කෝ. 6.6කට මිලදී ගැනීමට කිංග්ස් ඉලවන් පන්ජාබ් හිමිකරුවන් කටයුතු කරනු ලැබීය. සේවාග් මීට පෙර ක්‍රීඩා කරනු ලැබුවේ දිල්ලි ඩෙයා ඩෙවිල්ස් කණ්ඩායම සමගිනි. කෙසේ වෙතත් ශේවාග් වැනි ක්‍රීඩකයෙකු මෙවර වෙන්දේසිවූයේ ඉතාම අඩු මුදලකට බව විචාරකයින් පෙන්වාදේ. 

0 comments:

Post a Comment