.jpg)
වාසුදේව නානායක්කාර මහතාද එළඹෙන මාර්තුවේ ජිනීවා නුවර යෑමට බලාපොරොත්තු වන බව පැවසේ.එහිදී උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන වාර්තාවේ නිර්දේශ මේ දක්වා කි‍්‍රයාත්මක කර ඇති ආකාරය පිළිබද සමුළු සාමාජිකයන්ට පැහැදිලි කර දීමට තමන් බලාපොරොත්තු වන බවද ඒ මහතා සඳහන් කරයි.
මෙවර මානව හිමිකම් සමුළුවේදී ශ‍්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන ඇමෙරිකාව, බි‍්‍රතාන්‍යය වැනි රටවල් පෙරට වඩා සංවිධානාත්මකව එම කාර්යය සිදු කරනු ඇතැයිද පවසන ඇමතිවරයා එහෙත් එම යෝජනාවට පක්ෂ නොවන සහ ඒ පිළිබද මධ්‍යස්ථ මත දරන රටවල්ද ඒ අතර සිටින බැවින් ශ‍්‍රී ලංකාවටද ඊට අදාළව දැඩි සැලකිල්ලකින් යුතුව කරුණු ඉදිරිපත් කිරීමට සිදුවනු ඇතැයිද කියා සිටී.
10:26 PM
Unknown
Posted in:
0 comments:
Post a Comment