බාල වයස්‌කාර දැරියන්ගේ සබඳතා ඉහළට ~ niruwatha

Thursday, February 20, 2014

බාල වයස්‌කාර දැරියන්ගේ සබඳතා ඉහළට

බාලවයස්‌කාර දැරියන් තරුණයන් සමග පෙම් සබඳතාවන් පවත්වා පැන යැමේ ප්‍රවණතාව ඉහළ ගොස්‌ ඇතැයි පොලිස්‌ ආරංචි මාර්ග සඳහන් කරයි.

පාසල් ශිෂ්‍යාවන් ද බහුතරයක්‌ එසේ තරුණයන් සමග යන අතර නගරබද පාසල්වල 8, 9, 10 ශ්‍රේණිවල ශිෂ්‍යාවන් මෙම තත්ත්වයට මුහුණ දෙන බව පොලිස්‌ කාන්තා කාර්යාංශ තොරතුරු අනාවරණය කරයි.

මවුපියන් විදේශගත දැරියන් මෙසේ තරුණයන් සමග බොහෝ විට යන අතර එම දැරියන් ලිංගික අතවරයන්ට පත්වෙන අවස්‌ථා ද එමට බව පොලිසිය පවසයි.

කළුතර, මතුගම, පානදුර හා හොරණ මහෙස්‌ත්‍රාත් අධිකරණය හා පරිවාස කාර්යාලවල මෙවැනි සිද්ධීන් පිළිබඳ නඩු ගොඩගැසී ඇතැයි ද පොලිසිය පවසයි.



0 comments:

Post a Comment