පාසල තුළදී සිසුවියකට අතවර කර අත්අඩංගුවට ගත් විදුහල්පතිට ඇප ~ niruwatha

Thursday, February 20, 2014

පාසල තුළදී සිසුවියකට අතවර කර අත්අඩංගුවට ගත් විදුහල්පතිට ඇප

පාසලේ පන්තිකාමරයකදී පාසල් ශිෂ්‍යාවකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් සියඹලාණ්‌ඩුව ප්‍රදේශයේ විදුහලක විදුහල්පතිවරයාව සියඹලාණ්‌ඩුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගත් විදුහල්පති පෙරේදා (19 දා) මොනරාගල මහෙස්‌ත්‍රාත් උසාවියට ඉදිරිපත් කරන ලදුව මහෙස්‌ත්‍රාත් හා දිසාවිනිසුරු සංජීව ජිනදාස මහතා සැකකරු රුපියල් පන්දහසක මුදල් හා රුපියල් පනස්‌දහසක සහතික ඇප මත මුදාහරිනු ලැබීය.



පාසලේ අටවන වසරේ ඉගෙනුම ලබන දහතුන් හැවිරිදි ශිෂ්‍යාවකට පාසලේ කාමරයකදී ලිංගික අතවර කළ බවට ලද තොරතුරක්‌ මත පොලිසිය මගින් සැකකරු අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කර තිබිණි. සියඹලාණ්‌ඩුව පොලිස්‌ ස්‌ථානාධිපති සේනාපති ද සිල්වා මහතා පරීක්‍ෂණ පවත්වයි.


බඩල්කුඹුර - රවිඳු ගුණතිලක

0 comments:

Post a Comment