මහමගදී හමුවන සැකකටයුතු පුද්ගලයන් ලියාපදිංචි අපරාධකරුවන් දැයි සොයා බැලීමට ඔවුන්ගේ ඇඟිලි සලකුණු පරික්‍ෂා කිරීම සඳහා ජංගම මුර සේවයේ යෙදෙන පොලිස් නිලධාරීන්ටත් අතේ ගෙනයා හැකි කුඩා පරිගණක යන්ත්‍ර ලබාදීමට යයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ අජිත් රෝහණ මහතාගෙන් මේ පිළිබඳව කළ විමසීමකදී ඔහු පැවසුවේ මෙවැන්නක් ඉදිරි කාලයේදී සිදුවීමට ඉඩ ඇති බවයි. දැනට මේ රටේ ලියාපදිංචි අපරාධකරුවන් පන් ලක්‍ෂයකගේ ඇඟිලි සලකුණු පොලිස් දෙපාර්තමේන්තුවේ සතුව පවතින අතර දැන් ඒවා පරිගණක ගත කිරීමට පියවරගෙන තිබේ.
1:55 PM
Unknown

Posted in:
0 comments:
Post a Comment