ශ්‍රී ලංකාව ලැබූ යුද විජයග්‍රහණය ඉවසා ගත නොහැකි බටහිර රටවල් අපේ යුද හමුදාවේ පිරිස් බලය අඩු කරන ලෙස කුමන බලපෑම් එල්ල කළත්, රජය එවැනි පියවරක් ගන්නේ නැතැයි ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවැසීය.යුද හමුදාව ඉවත් කරන්නේ කවදාද යනුවෙන් බටහිර බලවේග නිතර අසන ප්‍රශ්නයට නිසි පිළිතුරක් රජය විසින් ගෙන යන රණවිරු සුබ සාධන වැඩපිළිවෙළ මගින් ලබාදී ඇතැයිද හෙතෙම කීවේය.
යුද්ධයෙන් පසු සෙබළුන්ගේ අවශ්‍යතාවක් නැතැයි පවසමින් සෙබළා අවතක්‌සේරුවට ලක් කරන එම බලවේගවලට තවත් පිළිතුරක් හමුදා රණවිරුවන් රටේ ජාතික ආරක්‍ෂාවට මෙන්ම සංවර්ධනයට ද දායක විම තුළින් ලැඛෙන බව හෙතෙම පැවැසීය.
යුද්ධයක් නැති රටකට මෙතරම් විශාල හමුදාවක් කුමටද කියා ප්‍රශ්න කරන බටහිර බලවේග උතුරෙන් හමුදාව ඉවත් විය යුතු බව සහ හමුදා පිරිස් බලය අඩු කළ යුතු බව පවසනුයේ එල්. ටී. ටී. ඊ. යේ පරාජය දරාගත නොහැකි නිසා බවද හෙතෙම පැවසීය.
කොතරම් බලපෑම් එල්ල වුවත් හමුදාව ඉවත් නොකරන බව අවධාරණය කළ ආරක්‍ෂක ලේකම්වරයා රට රැක ගත් හමුදා රණවිරුවන් හොඳින් රැක බලා ගැනීම සඳහා විවිධ සුබසාධන වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන ඇතැයි ද කීවේය.
1:37 PM
Unknown

Posted in:
0 comments:
Post a Comment