තම මව ජීවතුන් අතර සිටියදී ඇයට සැලකීමට නොහැකි වුවා යයි සිත් තැවුලට පත් පුතෙකු අම්මා ලගින්ම වලලන්න යයි ලිපියක් ලියා තබා මව මිය ගියදා රාත්‍රියේ ගෙල වලලා ගෙන මිය හෝස් ඇත.
අංශභාග රෝගයෙන් පීඩා විදිමින් සිටියදී මිය ගිය 85 හැවිරිදි අයි.එම්. හීන් මැණිකේ මාතාව මිය ගිය පුවත් අසා ශෝකයට පත් අගේ පුතකු වන හෝමාගම හබරකඩ ප්‍රදීශයේ පදිංචි එච්.ආර්. වීරකෝන් නමැති 59 හැවිරිදි පුද්ගලයකු මෙසේ දිවි හානි කරගෙන තිබේ.
තම මව මිය ගිය දිනයේදීම යට අවසන් ගෞරව දැක්වීමට පැමිණි මොහු එදින රාථ්රියෙදෙඑඑ නිවසේ මුළුතැන් ගෙය අසල පිහිටි කොකෝවා ගසක එල්ලී දිවි නසා ගෙන තිබේ.
සිය දිවි හානි කර ගැනීමට පෙර තම බාල සොයුරා අමතා "මමත් අම්මට ආදරෙයි මේ ගැන කාටවත් ඇඟිල්ල දික් කරන්න එපා".මමයි අම්මයි සංසාරේ පතාගෙන ආපු විදිය තමයි මේ අම්මා ලගින් මාවත් වලලන්න යනුවෙන් සටහනක් තබා ඇත.
අංශභාග රෝගයෙන් පීඩා විදි තම මව තමන් ලගට ගෙන සාත්තු කිරීමට ඔහු උත්සාහ කලද ඒ සඳහා අවස්තාවක් ලැබී අනති අතර ඒ පිළිබඳව දැඩි කනස්සල්ලෙන් ඔහු ජීවත් වී තිබේ.
මියගිය මෑණියන්ගේ අවසන් කටයුතු පන්විලතැන්න,පබවිල ප්‍රදේශයේදී ඉකුත් 6 වෙනිදා සිදුකල අතර මිය ගිය පුත්‍රයාගේ දේහය ඔහුගේ බිරිඳ හෝමාගම ප්‍රදේශයට ගෙනගොස් ඇත.ඔහුගේ දේහය ඉකුත් 7 වැනිදා හබරකඩ දී මිහිදන් කර ඇත.
11:13 PM
Unknown

Posted in:
0 comments:
Post a Comment