පාසල් සිසුන් ෆේස්බුක් පිළිබඳව ස්වයං වාරණයක් තියාගන්න ඕනැ ~ niruwatha

Friday, February 21, 2014

පාසල් සිසුන් ෆේස්බුක් පිළිබඳව ස්වයං වාරණයක් තියාගන්න ඕනැ

ලෝකේ වෙනත් රටවල මෙන් "ෆේස්බුක්" අපේ රටේත් පවුල් ආරවුල් ඇති කරන සියදිවි හානිකර ගැනීමට තුඩුදෙන ප්‍රධාන හේතුවක් වන මෙවලමක් බවට පත්වේවිද යන සැකය මතුවී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි මහතා පොලිස් මූලස්ථානයේ ඊයේ (20දා) පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය. එම තත්ත්වය මත විභාග කටයුතු අවසන් වනතුරු "ෆේස්බුක්" පිළිබඳව ස්වයං වාරණයක් තමන් විසින්ම පවත්වාගන්නා ලෙස ඔහු පාසල් සිසු සිසුවියන්ගෙන් විශේෂ ඉල්ලීමක් කළේය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙසේද පැවැසීය. අපේ පාසල් යන දූ දරුවන් විශේෂයෙන් සාමාන්‍ය පෙළ උසස් පෙළ දූ දරුවන්ගෙන් මා ඉල්ලා සිටින්නේ ඔබ විසින් මේ පිළිබඳ ස්වංය වාරණයක් පනවාගන්නා ලෙසයි. ඔබේ අධ්‍යාපන කටයුතු අවසන් වන තෙක් ඔබ ස්වයං වාරණයක් පනවාගන්න. ෆේස්බුක් පිටුවලට ඇතුළු වෙනවාද නැද්ද එහෙම නැත්නම් ඔබ ඒවට ඍජුව දායකත්වය දරනවාද නැද්ද කියල ඔබම තීරණයක් ගතයුතුයි.

"ෆේස්බුක්" හරහා ඔබට තොරතුරු ලබාගන්න පුළුවන්, අධ්‍යයන කටයුතු කරගන්න පුළුවන්. නමුත් ඊට වඩා අවාසි සහගත තත්ත්වයක් ඇතිවෙන්නත් පුළුවන්. ඒ වගේම විවාහ වූ අය විවාහ නොවූ අය මෙන්ම තරුණ තරුණියන් "ෆේස්බුක්" පාවිච්චි කිරීමේදී ඉතා ප්‍රවේශමෙන් ඒවා භාවිත කළ යුතුයි. ඔබේ තොරතුරු "ෆේස්බුක්"වලට මුදා හැරීමේදී ඒවා අවභාවිතයට ලක්වන්න පුළුවන්. "ෆේස්බුක්" පිළිබඳව පසුගිය අවුරුද්දේ රහස් පොලිසියට පැමිණිලි 30ක් විතර ලැබී ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.

0 comments:

Post a Comment