රණවිරුවන් සිහිකිරීමට ආ ඥාතීන් අත්අඩංගුවට අරන් ~ niruwatha

Tuesday, February 4, 2014

රණවිරුවන් සිහිකිරීමට ආ ඥාතීන් අත්අඩංගුවට අරන්

රටේ නිදහස වෙනුවෙන් දිවිදුන් රණවිරුවන්ගේ සොහොන් කොත් අසල පහන් දැල්වීමට පැමිණි මියගිය රණවිරුවන්ගේ ඥාතින් පිරිසක් අද (04දා) සවස අහංගම පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.


හැට හය වැනි නිදහස් සමරුව යෙදී තිබූ අද මෙසේ පවුල්වල ඥාතීන් අත්අඩංගුවට ගැනීම විශේෂ සිද්ධියක් විය.

රට, ජාතිය නිදහස්කර දී මවුබිම වෙනුවෙන් ජීවිත පූජා කළ ගාල්ල අහංගම රණවිරුවන්ගේ පවුල්වල ඥාතීන් අහංගම පොලිසිය මඟින් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නඩුවක් පවතින සොහොන් බිමක සොහොන්කොත් ඉදිරියේ පහන් දැල්වීමට පැමිණීම හේතුවෙනි. අත්අඩංගුවට ගත් පිරිස පසුව මුදාහැර තිබේ.

ජාතික නිදහස් දිනයේ රටේ සියලුම දෙනා රට රැකගත් රණවිරුවන් සමරද්දී රට නිදහස් කර ගැනීමට දිවිදුන් රණවිරුවන් මිහිදන් කළ අහංගම ප්‍රදේශයේ පිහිටි රණවිරු සොහොන් කොත් පිරිසුදු කර මියගිය රණවිරුවන්ට උපහාර දැක්වීමට සූදානම් වූ රණවිරු මවුපිය බිරින්දෑවරු හා දූ දරුවන් ඇතුළු ඥාතීන් පිරිසක් මෙසේ අහංගගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන කටඋත්තර ලබාගෙන පිටත්කර යවා ඇති බව ප්‍රදේශවාසීහු පවසති.

0 comments:

Post a Comment