පොතකින් මඩ ගැහුව නිසා සරත් ෆොන්සේකා නඩු යයි ~ niruwatha

Saturday, February 1, 2014

පොතකින් මඩ ගැහුව නිසා සරත් ෆොන්සේකා නඩු යයි

තමන්ට අපහාස වන අන්දමින් පොතක් මුද්‍රණය කර ඛෙදාහැරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීමට සහ මුලික අයිතිවාසිකම් නඩුවක් ගොණු කිරීමට කටයුතු කරන බව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා පවසයි. අද පැවති මාධ්‍ය හමුවක දී ඔහු ප්‍රකාශ කළේ නුගේගොඩ ප්‍රදේශයේ මුද්‍රණාලයකින් අදාළ අපහාසාත්මක පොත් මුද්‍රණය පිළිබඳ තොරතුරු ලැබුණු බවයි. 

ඒ පිළිබද පොලිසියට පැමිණිලි කළ ද නිසි ක්‍රියාමාර්ගයක් නොගත් බවට ෆොන්සේකා මහතා චෝදනා කළේය. මේ පිළිබද විමසීමේ දී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේ ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවයි. 

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතාට අපහාස වන අයුරින් පොතක් මුද්‍රණය කරමින් තිබූ බව කියන නුගේගොඩ ප්‍රදේශයේ මුද්‍රණාලයකට එම පක්ෂයේ පිරිසක් ඊයේ පැමිණියේය. 


0 comments:

Post a Comment