මේ සම්බන්ධයෙන් එම විද්‍යාලය විසින් කළ පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන නුගේගොඩ මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
අපයෝජනයට ලක් වූ බව කියන පාසල් සිසුවියන් සිවුදෙනා වෛද්‍ය පරීක්‍ෂණයක් සඳහා ඊයේ (21 වැනිදා) කළුබෝවිල මහ රෝහලට ඇතුළත් කර ඇත.
සැකකාර වෑන් රථ රියෑදුරු මෙම සිසුවියන්ට වසර දෙකක සිටම වරින් වර අතවර කර ඇතැයි සිදුකළ පරීක්‍ෂණවලදී හෙළි වී ඇතැයි ද පොලිසිය කියයි.
මෙම පාසල් වෑන් රථයේ පාසල් දරුවන් අටදෙනකු ගමන් කර ඇතැයි ද සියලු දෙනාම මොහුගේ අතවරයට ලක්‌වී ඇති බවට සැක කරන බව ද පොලිසිය සඳහන් කරයි.
මේ අතර පාසල් යන තම දරුවන් වෑන් රථවල යෑවීමේදී එම වෑන් රථ රියෑදුරන් ගැන වැඩි අවධානයක් යොමු කරන ලෙස පොලිසිය දෙමාපියන්ගෙන් ඉල්ලා සිටී.
මේ පිළිබඳ මහරගම පොලිස් ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සෙනරත් දියකෙළිනාවල මහතාගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යාංයේ ස්‌ථානාධිපති කාන්තා උප පොලිස් පරීක්‍ෂිකා අප්සරා බණ්‌ඩාර මහත්මියගේ මෙහෙයවීමෙන් කාන්තා කොස්‌තාපල් දීපානි මේ පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ සිදුකරයි.
8:45 PM
Unknown

Posted in:
0 comments:
Post a Comment