ශිෂ්‍යත්වලාභීන් සංඛ්‍යාව වැඩි කරයි ~ niruwatha

Monday, March 10, 2014

ශිෂ්‍යත්වලාභීන් සංඛ්‍යාව වැඩි කරයි

සිසුන් 45ල000ල 47ල000ක් වෙයි
මේ වනවිට 50්‍රකට මහපොළ හිමියි
ඇමැති ජොන්ස්ටන්ගෙන් උපදෙස්

දැනට මහපොළ ශිෂ්‍යත්ව ලබන විශ්වවිද්‍යාල සිසුන්ගේ සංඛ්‍යාව හතළිස් පන්දහසේ සිට හතළිස් හත්දහස දක්වා වැඩි කිරීමට තීරණය කර තිබේ. සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු පිළිබඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත එය ක්‍රියාත්මක වෙයි.

2009 වර්ෂයේ සිට මහපොළ ශිෂ්‍යත්වලාභීන්ගේ සංඛ්‍යාව වැඩිවෙමින් පැවැති අතර මේ වර්ෂය වනවිට වසරකට වැඩිවෙන ශිෂ්‍යත්වලාභි සංඛ්‍යාව 1000 - 2000 අතර ප්‍රමාණයක් වෙයි.

විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගන්නා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් සියයට පනහකට ආසන්න ප්‍රමාණයකට දැනට මහපොළ ශිෂ්‍යත්ව ලබාදීමට එම අරමුදලට හැකිවී ඇති බව ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කීය.

දැනට එක් අධ්‍යයන වර්ෂයක් සඳහා වන මහපොළ ශිෂ්‍යත්වලාභීන් සංඛ්‍යාව 11300ක් වන අතර එය ලබන වසරේ 12800ත් 13300ක් දක්වා වැඩි කිරීමට නියමිතය.

විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගන්නා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් 50% ආසන්න ප්‍රමාණයකට දැනට මහපොළ ශිෂ්‍යත්ව ලබාදීමට අරමුදලට හැකි වී ඇත. එම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ පාඨමාලාව අවසන් වනතුරු අධ්‍යයන වර්ෂයකට වාරික10 බැගින් විශ්වවිද්‍යාල හා අධ්‍යාපන ලබන කාලය තුළ මුදල් ගෙවනු ලැබේ.