2014 දැයට කිරුළ ප්‍රදර්ශනයට පෙරගාමී වූ කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ සංවර්ධන පිළිබඳව මාධ්‍යවේදීන් අමතා දේශනයක් කළ මහාචාර්යවරයා මෙසේ ද කීය. අද ලෝකේ සියලු මාධ්‍ය බියකරු ලෙස ගලාගෙන ඇවිත්. නමුත් ළමයා සමනලයෙක් වගේ, වැඩිහිටියන්ගේ ඇස් ටෙලිනාට්‍යයට ගිහිල්ලා. රසාස්‌වාදය දැනෙන පිරිසක් නෑ. නැලවිලි ගී කියන්න දන්න අම්මලා නෑ. ආගම ජීවිතය තුළ නෑ. අද අපිට වැඩිය සදාචාරයක් යුරෝපයේ තියෙනවා. මිනිස්‌සුන්ගේ සිරුරු දුර්වලයි. මනස දුබලයි. කුලප්පු වුණු ස්‌වභාවයක් තියෙන්නේ. එදා වගේ මහගමසේකරයන් අමරදේවයන් හදපු ගීත අද නෑ. අද මාධ්‍ය තියෙන්නේත් සංතුෂ්ටිය සඳහායි. අද දේශපාලකයන්ට ඕනෑ විදිහටයි ප්‍රවෘත්ති හදන්නෙත්. තොරතුරු කියන්නෙත්. එදා මුර බල්ලා කියලා හඳුන්වපු මාධ්‍ය අද සමාජය හපා කන බල්ලෙක් බවට පත්වෙලා.
මෙම අවස්‌ථාවට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ වසන්තප්‍රිය රාමනායක හා කුරුණෑගල දිස්‌ත්‍රික් ලේකම් එච්. එන්. බී. හිටිසේකර යන මහත්වරු ඇතුළු ප්‍රභූන් කීපදෙනෙක් සභාව ඇමතූහ.
කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ විද්යුත් හා මුද්‍රිත මාධ්‍යවේදීන් රැසක් මෙම අවස්‌ථාවට සහභාගි වූහ.
1:09 PM
Unknown
Posted in: