සමාජය පිරිහීමේ ලක්ෂණය ප්‍රකට කරවන මෙවැනි සිදුවීම් වළක්වා ගැනීමට දේශපාලන පක්ෂ නායකයන්ට වගකීමක් ඇතැයිද හෙතෙම පෙන්වා දෙයි. කොළඹ දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩල ලේඛකාධිකාරී ස්වාමින් වහන්සේ විසිනමකගේ අස්සනින් නිකුත් කළ නිවේදනයක් එක්තරා අපේක්ෂකයෙක් ප්‍රධාන අමාත්‍යවරයා බවට පත්කිරීමට සහාය දෙන්නැයි ඉල්ලා ඇති බවත් එම නිවේදනය රත්මලාන ප්‍රදේශයේ දහම් පාසල්හි කුඩා දරුවන් අතට පවා ලබාදී තිඛෙන බවත් පැවැසූ හෙට්ටිආරච්චි මහතා එහි ඉගෙනුම ලබන දරුවකුගේ පියෙක් ඒ ගැන පැමිණිල්ලක් කළ බවත් කීවේය. මහරගම මාතෘ සායනයේ ගැබිනි මවුවරුන්ට ඛෙදාදුන් බේසමක එක්තරා අපේක්ෂකයෙක් සිය මනාප අංකය ඇතුළත් කර තිබූ බවත් ඒ මහතා කීය.
සාරි, පොත්පත්, ගෘහ උපකරණ, විදුලි කාර්මික උපකරණ ඛෙදා දීමේ සිදුවීම් 58ක් වාර්තා වූ අතර, ධීවර ජනතාවට පවා උදලු තල ඛෙදා දුන් බවද වාර්තා වී යැයි ඒ මහතා කීය.
ඡන්ද නීති කැඩීමේ සිදුවීම් 688ක් වාර්තා වුණු ජනාධිපතිවරණය හා මහ මැතිවරණය පවා භාරකාර ආණ්ඩු යටතේ පැවැත්වීමෙන් නීති විරෝධී ක්‍රියා වළක්වා ගත හැකියි. පළාත් සභා සහ පළාත් පාලන ඡන්ද පවත්වන විට කොටස් වශයෙන් සිදුකරන නිසා බලය පාවිච්චි කිරීම වැළැක්විය නොහැකියි. ජනාධිපති හා මහ මැතිවරණ එකම කාලයක පැවැත්විය හැකි නම් හොඳයි. ඒ වාගේම ප්රචාරක කටයුතු සම්බන්ධයෙන් පවතින මැතිවරණ නීති පවා සංශෝධනය කිරීම ගැන අවධානය යොමුවිය යුතුයි. ඒවා කළ හැක්කේද මහජන නියෝජිතයන්ට පමණයි.
ඉදිරි සංශෝධනවලදී සලකා බැලිය යුතු තවත් වැදගත් දෙයක් නම් ප්රචාරක වියදම්, ඇතැම් අපේක්ෂකයන් සිය ප්රචාරක කටයුතු සඳහා අති විශාල ධනයක් වැය කරන බවත් මේ මුදල් වැය කිරීමෙන් පසු ඒ වියදම ආපසු උපයා ගැනීමේ ආකාරය ගැනත් විශේෂයෙන් සොයා බැලිය යුතු බවත් හෙතෙම කීය. නිදහස් හා සාධාරණ ඡන්දයක් සඳහා මැතිවරණ කොමසාරිස්වරයා ගෙන යන වැඩපිළිවෙළට පොලිසිය දක්වන සහයෝගය අගය කළ හෙට්ටිආරච්චි මහතා ඡන්දදායකයන්ට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොමැතිව වුවත් ඡන්ද පොළට ගොස් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවස්ථාව ලබාගත හැකි බවත් සිහිපත් කෙළේය.
කොළඹ ඩීන්ස් පාරේ සාමය හා සාමයික කේන්ද්‍ර ශ්‍රවණාගාරයේ ඊයේ (27දා) දහවල් පැවැති මාධ්‍ය හමුවේදී ඒ මහතා එසේ අදහස් පළ කෙළේය. හෙට (29දා) පැවැත්වෙන ඡන්ද විමසීම නිරීක්ෂණය සඳහා නිරීක්ෂකයෝ දෙදහසක් යොදවන බවද, ඡන්ද දිනයේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් ගැන පැමිණිලි භාර ගැනීමේ ඒකකයක් ද ක්‍රියාත්මක කරන බවද හෙතෙම පැවැසීය.