සම්බාධකවලට හා තර්ජනවලට බියේ රටේ අනන්‍යතාව පාවා දිය යුතු නෑ ~ niruwatha

Friday, March 28, 2014

සම්බාධකවලට හා තර්ජනවලට බියේ රටේ අනන්‍යතාව පාවා දිය යුතු නෑ

සම්බාධකවලට බියේ තර්ජනවලට බියේ රටේ ජාතියේ ඓතිහාසික අනන්‍යතාව කිසිවිටකවත් පාවා දිය යුතු නැතැයි ජාතික හෙළ උරුමයේ මහ ලේකම් ඇමැති පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කළේය.

මොන සම්බාධක පැනවූවත් රට ඇතුළ සමගි නම්ල ශක්‌තිමත් නම් අපට ඕනෑම බලයක්‌ බිඳලිය හැකි යෑයි හෙතෙම සඳහන් කළේය.


ඇමැති පාඨලී චම්පික රණවක මහතා එම අදහස්‌ පළ කළේ පැලවත්ත බත්තරමුල්ලේ පිහිටි එම පක්‍ෂ මූලස්‌ථානයේ ඉකුත් 26 වැනිදා පැවැති මාධ්‍ය හමුවකදී අදහස්‌ දක්‌වමිනි.


මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ පාඨලී චම්පික රණවක මහතා,


මෙම ජිනීවා යෝජනාවලිය මුල් වතාවට වඩා යෝජනාවලින් වපසරිය වැඩිවී තිබෙනවා. නව යෝජනාවලියේ ආරම්භක හැඳින්වීමේ හින්දුල මුස්‌ලිම්ල ක්‍රිස්‌තියානි ආගමික පිරිස්‌වලට එල්ලවන ප්‍රහාර පිළිබඳල අධිකරණයේ මාධ්‍ය නිදහසල කාන්තා හිංසනය ගැන සඳහන්ග ඒ අනුව යුද අපරාධ පමණක්‌ නොව සමාජීය කරුණුත් ඇතුළත් කර තිබෙනවා.


රජය එල්.එල්.ආර්.සී. වාර්තාවට යට නොවී දේශීය යාන්ත්‍රණය මගින් මේ ප්‍රශ්නය සම්බන්ධව යුදමය මැදිහත්වීම්ල ත්‍රස්‌තවාදයට ලබාදුන් වරදානල ජනයා පලවාහැරීම් ගැන විධිමත් පරීක්‍ෂණ පවත්වන්න යෑයි කීයග 2002 පෙබරවාරි 22 සිට වර්ෂ 2009 මැයි 19 වැනිදා තුළ සිදුවූ සිද්ධීන් ගැන පරීක්‍ෂණයක්‌ ඉල්ලීම අසාධාරණයිග අන්තර්ජාතික නෙමෙයි දේශීය පරීක්‍ෂණයක්‌ මේ ගැන පැවැත්විය යුතුයි.


වර්ෂ 1977 දීල 1979ල 1983 යාපනයෙන් ජනයා පලවාහැරි හැටිල 1984 සිට ඉන්දීය මැදිහත්වීමල තමිල්නාඩුවේ කඳවුරු ඉදිකළ හැටිල දෙමළ තරුණයන් විසිනමදහසක්‌ ඉන්දියාවට ගොස්‌ යුද පුහුණුව දුන් හැටි පරීක්‍ෂණ කළ යුතුයි. ඔවුන් 2002 වසර සිට සිදුවූ දේ ගැන කියා අපට එරෙහිව ජිනීවාවලදී ඡන්දය භාවිතා කළත් යුද අපරාධ චෝදනාවල ප්‍රධාන වගඋත්තරකරු ඉන්දියාවයි.


ශ්‍රී ලංකාවේ පුරවැසියන් නොවන වතු දෙමළ ජනතාව එක්‌ලක්‌ෂ පනස්‌දහසක්‌ රෙඩ්බානා ව්‍යාපෘතිය තුළින් උතුරු නැගෙනහිර පදිංචි කළේ නෝර්වේ රාජ්‍යයයි. අවසානයේ එල්ගටීගටීගඊග යේ ප්‍රධාන යුද උපකාරක බළකාය වුණේ එම පිරිසයිග නෝර්වේ ක්‍රියාකාරකම් ගැනද සොයා බැලිය යුතුයි. 


චන්ද්‍රිකා ජනාධිපතිතුමිය 2002 ප්‍රභාකරන් සමග අත්සන් කළ ගිවිසුම තුළින් එල්ගටීගටීගඊ. යට ලබාදුන් වරදාන මොනවාදරෑ රනිල් වික්‍රමසිංහ මහතා 2002 දී ඇති කරගත් ගිවිසුම තුළින් එල්ගටීගටීගඊග යට ලැබුණු ශක්‌තිය කුමක්‌දරෑ එම වසරේ දී රාවුෆ් හකීම් මහතා ප්‍රභාකරන් සමග ඇති කරගත් ගිවිසුම තුළ තිබූ සම්බන්ධතාව කුමක්‌ද යන කරුණු ගැන මූලික අධීක්‍ෂණයක්‌ ගවේෂණයක්‌ දේශීය වශයෙන් කළ යුතුයි. 


අද ජාත්‍යන්තරය ආරක්‍ෂක හමුදා ගැන පමණක්‌ පරීක්‍ෂණයක්‌ කරන්න යනවා. නමුත් ත්‍රස්‌තවාදය වෙනුවෙන් ඇප උපකාර කළ පිරිස්‌ පිළිබඳවල ඔවුහුු කතා කරන්නේ නැහැ. බිෂොප්වරුන් වන රායප්පු ජෝශප්ල තෝමස්‌ සමුන්ද්‍රනායගම්ල පූජක එම්මානුවල් පියතුමා ගැන ත්‍රස්‌තවාදීන් සමග එකතුව කළ ක්‍රියාකාරකම් ගැන නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතුයි. ත්‍රස්‌තවාදීන්ට උදව් කළ අපාය සහායකයන්ට නීතිය ක්‍රියාත්මක වී නැහැ. රුද්‍රකුමාරන් පිළිබඳ ජාත්‍යන්තර පරීක්‍ෂණයක්‌ පැවැත්විය යුතුයි.


ප්‍රංශයේ සිටින විනයගම්ල ඔස්‌ලෝ සිටින තෙදියවන්ල උතුරු පළාත් සභාවේ ආනන්දි ශසිදරන් පැහැදිලිවම ත්‍රස්‌තවාදීන්ග දරුවෝ පැහැරගෙන ගිය ශසිදරන්ට මානව හිමිකම් සමුළුව ඇමැතිය හැකිනම් ඔසාමා බිල් ලාඩන්ගේ බිරියන්ටත් මානව හිමිකම් සමුළුව ඇමතිය හැකියි. විග්නේෂ්වරන්ල සුමන්දිරන්ල සම්බන්ධන් පිළිබඳව අප කටයුතු කළ යුතුයි.


මෙහිදී එම පක්‍ෂයේ සභාපති පූජ්‍ය අතුරලියේ රතන හිමියෝද අදහස්‌ දැක්‌වූහ.