දේව ගැතිවරයා රැගත් රිය කොළමුණු ඔයට ~ niruwatha

Monday, March 3, 2014

දේව ගැතිවරයා රැගත් රිය කොළමුණු ඔයට

කුරුණෑගල, හලාවත ප්‍රධාන මාර්ගයේ පඬුවස්නුවර තෝරගල්ල කොළමුණු ඔයට ඩබල් කැබ් රථයක් සඳුදා(03) දහවල් 11 පමණ පෙරලී යාමෙන් එහි ගමන් කළ සරත් ජයමහ දේවගැතිවරයා බරපතල තුවාල ලබා ඇත. දේවගැතිවරයාගේ දෙපා බිඳී තවත් තුවාල සිදු වී ඇති අතර ඔහු පළමුව හෙට්ටිපොල රෝහලට ඇතුලත් කර ඇත.
කුරුණෑගල, හලාවත ප්‍රධාන මාර්ගයේ පඬුවස්නුවර තෝරගල්ල කොළමුණු ඔයට ඩබල් කැබ් රථයක් සඳුදා(03) දහවල් 11 පමණ පෙරලී යාමෙන් එහි ගමන් කළ සරත් ජයමහ දේවගැතිවරයා බරපතල තුවාල ලබා ඇත. දේවගැතිවරයාගේ දෙපා බිඳී තවත් තුවාල සිදු වී ඇති අතර ඔහු පළමුව හෙට්ටිපොල රෝහලට ඇතුලත් කොට තත්ත්වය බරපතල වූයෙන් කුරුණෑගල මහ රෝහලට මාරුකර යවා ඇත.
කුරුණෑගල පැල්ලන්දෙණිය දේවස්ථානයේ මීසම් පාලකවරයා වන සරත් ජයමහ මහතා 03 වැනිදා උදේ පඬුවස්නුවර හෙට්ටිපොළ දේවස්ථානයේ පැවැති දේව මෙහෙයකට සහභාගී වී තිබේ. අනතුරුව ඩබල් කැබ් රිය පදවා ගෙන යමින් සිටියදී කොළමුණු ඔය හරහා තිඛෙන පාලමෙන් අඩි 40ක් පමණ ප්‍රපාතයට රථය වැටී ඇත.එම අවස්ථාවේ රථයේ ගමන් කර ඇත්තේ දේවගැති සරත් ජයමහ මහතා පමණක් බව පොලිසිය පවසයි.