මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සිටිනා ශිෂ්‍යයන්ගෙන් පිරිසක් ද මෙම රහසිගත සාකච්ඡාවට සම්බන්ධ වී ඇති බව පොලිසිය පවසයි. මෙම ප්‍රහාරයට සම්බන්ධ ශිෂ්‍යයන් පිළිබඳ විස්‌තර මේ වන විට පොලිසිය සොයාගෙන යන අතර ඉදිරි දිනවලදී ඔවුන් අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇතිබව ගම්පහ පොලිසිය කියා සිටියි.
කලහකාරීව හැසිරුණු ශිෂ්‍යයන් විසින් බණ්‌ඩාරනායක විද්‍යාලයේ දේපළවලට රුපියල් ලක්‍ෂ ගණනක අලාභයක්‌ද සිදුකර තිබේ.
ඉකුත් 3 වැනිදා පෙරවරුවේ ගම්පහ බණ්‌ඩාරනායක විද්‍යාලයේ ශිෂ්‍යයන් පිරිසක් එහි විදුහල්පතිවරයා වහාම ඉවත් කරන ලෙස කියමින් උද්ඝෝෂණයක නිරත වූහ.
සංවිධානාත්මක ශිෂ්‍යයන් පිිරිසක් විසින් මාධ්‍යවේදීන්ට ආදි ශිෂ්‍යයන්ට දෙමාපියන්ට සහ විදුහලේ වර්තමාන ශිෂ්‍යයන්ටද පහර දී මහ කලබලයක් සිදුකර තිබිණි.
11:33 AM
Unknown
Posted in: