'යුද අපරාධ චෝදනා නිශ්පල වුණා' ~ niruwatha

Wednesday, March 5, 2014

'යුද අපරාධ චෝදනා නිශ්පල වුණා'

ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා ඇතුළත් යෝජනාව යොමු කිරීමට ස්‌ටර්ලින් පවුම් මිලියන ගණනක්‌ වැය කළත් එය නිෂ්ඵල වී ඇතැයි කොටි ඩයස්‌පෝරාව ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවලට චෝදනා නඟා ඇත. යුද අපරාධ ගැන විමර්ශන කිරීමට 2017 වනතුරු බලාසිටීමට නොහැකි යෑයි පවසන කොටි ඩයස්‌පෝරාව නවිපිල්ලේ ඇතුළු බටහිර රටවල් ද්‍රෝහීන් යෑයි දක්‌වා තිබේ.

මෙම යෝජනාව ගැන කොටි ඩයස්‌පෝරාව හදිසි රැස්‌වීමක්‌ ඊයේ :5 දා- ලන්ඩන් නුවරදී පවත්වා ඇත.

චැනල් 4 රූපවාහිනියේ හිටපු බීබීසී වාර්තාකාරිනී ප්‍රැන්සස්‌ හැරිසන් ඇතුළු රාජ්‍ය නොවන සංවිධාන 61 ක්‌ ලවා ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා යොමු කළ බවද කොටි ඩයස්‌පෝරාව තවදුරටත් දන්වා තිබේ.