මුදල් හා ලිංගික අල්ලස් දෙන්නේ කැමැත්තෙන් නම් මොනවා කරන්නද? ~ niruwatha

Saturday, March 1, 2014

මුදල් හා ලිංගික අල්ලස් දෙන්නේ කැමැත්තෙන් නම් මොනවා කරන්නද?

dj ara hiru fm
මවුබිම ඉරිදා සංග්‍රහයෙන් ගුවන් විදුලි මාධ්‍ය ආයතන කිහිපයක ප්‍රධානීන් සාකච්චාවක් සඳහා සම්බන්ධ කරගෙන තිබිණි.මේ  ඒ වැඩසටහන් ලිපියේ සංෂිප්තයයි.

ගීත ප්‍රචාරණයට මුදල් හා ලිංගික අල්ලස් ගන්නවාද?

ශ්‍රී  FM සහය වැඩසටහන් අධ්‍යක්ෂක
චාරුක සුරවීර
අල්ලස් ගන්නවානම් සාක්ෂි තියෙන්න ඕනේ...

දෙරණ වැඩසටහන් ප්‍රධානී
බණ්ඩාර විජේරත්න
අපි නොගත්තාට සමහරු ගන්නවා

සිංහ FM සාමාන්‍ය අධිකාරී
කුල ශ්‍රී කාරියවසම්
අපි සල්ලි දෙන්නෙත් නෑ , ගන්නෙත් නෑ.

ලක්හඬ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී
අශෝක කරුණානායක
අපි නම් අල්ලස් ගන්නේ නෑ

සිරස FM නාලිකා ප්‍රධානී
කිංස්ලි රත්නායක
දුන්නත් වැරදී ගත්තත් වැරදී

හිරු FM වැඩසටහන් අධ්‍යක්ෂක
අරවින්ද ලොකුගේ
දෙන්නේ කැමත්තේනම් මොනවා කරන්නද?
අපෙ චැනල් එක සල්ලි අරන් ගීත ප්‍රචාරණය කරන්නේ නෑ.අනිත් අය එහෙම කරනවද කියලා අපට අදාලත් නෑ.කාට හරි සල්ලි ගෙවලා ගීත ප්‍රචාරණය කර ගන්න ඕනේ නම් අපට දොසක් කියන්න බෑ.යම් කිසි නිෂ්පාදනයක් ජනප්‍රිය කරගන්න දැන්වීම් දානවා වගේ ගීත ජනප්‍රිය කරගන්නත් එයාලට නිදහසක් තියෙනවා.ඒ නිසා සල්ලි දීලා ගීත ජනප්‍රිය කරනවා කියන එක ඔය කියන අයගෙන්ම අහන්න ඕනේ.තල් ඇත්තට බෙලි ගෙඩියක් වැටුනම ලෝකේ පෙරලුනා වගේ කෑ ගහනවා මිසක් මුල හොයන්නේ නෑ.සල්ලි දීල හරි ලිංගික අල්ලස් දීල හරි ගීත ජනප්‍රිය කරනවා කියන එක කාලයෙන් කාලයට ආපු ජනප්‍රිය මාතෘකාවක් විතරයි.අපිට ඔය කාරනා අදාළ නෑ.අපි හොඳ සින්දු විතරයි අහන්න දෙන්නේ.බලපෑමක් නැතිව ස්වාධීන කණ්ඩායමක් මගින් තීරණයක් ගත්තාම අපි ඒ ගීත ප්‍රචාරණය කරනවා එච්චරයි.