මහ පාන්දර බස්‌ නැවතුමේ සිටි ශිෂ්‍යාවන් දෙදෙනා පොලිසියට ~ niruwatha

Thursday, March 6, 2014

මහ පාන්දර බස්‌ නැවතුමේ සිටි ශිෂ්‍යාවන් දෙදෙනා පොලිසියට

කොළඹ උසස්‌ පාසල් දෙකක සිසුවියන් දෙදෙනකු ඊයේ (06 වැනිදා) අලුයම 2.00 ට පමණ අවේලාවේ මහරගම බස්‌ නැවතුමක සිටියදී ප්‍රශ්න කිරීමට කැඳවාගෙන පැමිණි බව මහරගම පොලිසිය පවසයි. මෙම සිසුවියන් අවුරුදු 17 හා 18 යන වයස්‌වල පසුවන්නියන් බවත් පොලිසිය කියයි.

තමන් මිතුරියකගේ උපන් දින සාදයකට ගිය බවත් එය අවසන් වීමෙන් පසු පැමිණි බවත්, බස්‌ රථයක්‌ පැමිණෙනතුරු සිටි බවත් ප්‍රශ්න කිරීමේදී සිසුවියන් පොලිසියට ප්‍රකාශ කර තිබේ.

මෙම සිසුවියන් නොගැළපෙන ඇඳුම් ඇඳ සිට බවද පොලිසිය කියයි.

පසුව මෙම සිසුවියන්ගේ දෙමාපියන් කැඳවා අවවාද කළ බවද පොලිසිය පවසයි. මේ පිළිබඳව මහරගම පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ සිදු කරයි.