මහා පරාක්‍රමබාහු රාජ සමයට (ක්‍රි.ව. 153-1186) අයත් දෙමළ මහා සෑය පිළිබඳ ජනප්‍රවාදයේ පවතින්නේ දකුණු ඉන්දියාව පෙනෙන්නට චෛත්‍ය සෑදූ බවයි. මූලික කැ”ම් කටයුතු පුරාවිද්‍යා මහාචාර්ය ආචාර්ය නිමල් පෙරේරා මහතාගේ අධීක්ෂණය යටතේ සිදු කිරීමට නියමිත බවත් රුපියල් මිලියන 20ක් පළමු අදියරේ කැ”ම් කටයුතු සඳහා ඇස්තමේන්තු කර ඇති බවත් වාර්තා වෙයි.
අදියර හතරකින් කැ”ම් කර අවසන් කිරීමට නියමිත මේ චෛත්‍ය උසින් අඩි 625ක් ද වට අඩි 2000ක්ද වෙයි. පළමු අදියර සඳහා මිනිස් පැය 12,787ක් සහ තාක්ෂණ නිලධාරීන් සහ නිලධාරීන්ද 2,165ක් මේ සඳහා යොදා ගැනීමට නියමිත බවද මෙහිදී හෙළිවිය.
අවස්ථා ගණනාවකදීම මේ මහා ථූපයේ කැ”ම් කටයුතු ඇරැඹීමට මම පියවර ගත්තද බරපතළ මූල්‍ය අර්බුද හමුවේ ඒ සියල්ල අතහැර දැමිනි. මධ්‍යම සංස්කෘතික අරමුදලේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයා මේ බව හෙළි කෙළේ දෙමළ මහා සෑයේ කැ”ම් කටයුතු සිදුකිරීම පිළිබඳ සිදුකළ මූලික ක්‍ෂේත්‍ර චාරිකාවෙන් පසු පැවැති මාධ්‍ය හමුවකදීය.
මේ අවස්ථාවට මධ්‍යම සංස්කෘතික අරමුදලේ පාලන අධ්‍යක්ෂ දොඩම්වෙල, මධ්‍යම සංස්කෘතික අරමුදලේ ජනාධිපති විශේෂ වැඩසටහන් අධ්‍යක්ෂ අමරසිංහ කුඩගල්ආර, පොළොන්නරුව ව්‍යාපෘති කළමනාකරු ඩයස් වගාච්චි සහ මාධ්‍ය කළමනාකරු සුමිත් රණසිංහ ඇතුළු නිලධාරීන් පිරිසක් සහ මාධ්‍යවේදීන් පිරිසක් එක්ව සිටියහ.
12:29 PM
Unknown

Posted in: