මානව හිමිකම් කොමසාරිස් නවි පිල්ලේ වෙත මෙරටදී මුස්‌ලිම් දේවස්‌ථාන සහ මුස්‌ලිම් ව්‍යාපාරික ස්‌ථාන වෙත සිදු වූ පහරදීම් සම්බන්ධයෙන් මුස්‌ලිම් කොංග්‍රසය ලබාදුන් වාර්තාව රජයට එරෙහිවීමක්
නොව මෙරට අන්තවාදී පිරිස් මැඬපැවැත්වීමට රජය එතරම් උනන්දුවෙන් කටයුතු නොකළ බව සඳහන් වාර්තාවක් බව ද හෙතෙම කීය.
නවි පිල්ලේට බාරදුන් වාර්තාව සම්බන්ධයෙන් කැබිනට් මණ්‌ඩලයේදී රවුද්‍ය් හකීම් ඇමැතිවරයා ජනාධිපතිවරයාගේ දෝෂාරෝපණයට ලක්‌වුවද එය රජයෙන් ඉවත්ව යැමට තරම් ප්‍රශ්නයක් නොවන බව ද හෙතෙම කීය.
ප්‍රජාතන්ත්‍රවාදී රටක ඇමැති මණ්‌ඩලයේ විවිධ අදහස් ඇති අය සිටිය ද ඔවුන්ට විවෘතව තම මතය ඉදිරිපත් කරන ලෙස දුන් උපදෙස් මත හකීම් ඇමැතිවරයා ද සිය මතය කැබිනට් මණ්‌ඩලය තුළ ප්‍රකාශ කර ඇතැයි ඔහු පෙන්වා දුන්නේය.
රජයෙන් ඉවත්වීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැති බවත් අවශ්‍ය නම් මුස්‌ලිම් කොංග්‍රසය රජයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයාට හැකි බවත් හෙතෙම කීය.
චමින්ද සිල්වා
7:56 PM
Unknown

Posted in: