නදීෂාගෙන් කුරුදු පොලු ප්‍රහාරයක් ~ niruwatha

Monday, March 10, 2014

නදීෂාගෙන් කුරුදු පොලු ප්‍රහාරයක්

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ සමීපතමයකුට මෙවර දකුණු පළාත් සභාවට එජාපයෙන් තරග කරන ජනප්‍රිය නිළි නදීශා හේමමාලි විසින් එළව එළවා පහරදී තිබේ.

හිටපු පළාත් සභා මන්ත්‍රිවරයකු මෙන්ම ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කළ අයකුද වන මෙම පුද්ගලයා නදීශා හේමමාලි මෙනවියගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල ප්‍රධානියා ලෙස වැඩ කළ අයෙකි. මේ අතර ඔහු තමන් සහ නදීශා හේමමාලි මෙනවිය අතර අයථා සම්බන්ධයක් ඇති බව හිතවතුන්ට පවසන බව ආරංචි වීමෙන් පසු මෙලෙස හේමමාලි මෙනවිය විසින් අදාළ පුද්ගලයාට පහර දෙනු ලැබ තිබේ. එහිදී අදාළ පුද්ගලයාට නදීශා හේමමාලි එළව එළවා පහර දෙද්දී ඔහු බේරාගෙන ඇත්තේ මංගල සමරවීර මහතා විසින් බවද දැනගන්නට ලැබී තිබේ.

මෙලෙස පහර කෑමෙන් පසු මෙම පුද්ගලයා කොළඹ දිස්ත්‍රික්කයෙන් එජාප පළාත් සභා මන්ත්‍රි ධුරයක් සඳහා තරග කරන කාන්තා අපේක්ෂිකාවකගේ ප්‍රචාරණ කටයුතු සංවිධානය කිරීම භාරගෙන ඇති බවද වාර්තා වේ.