වනජීවී ඇමැති විජිත් විජිතමුණි සොයිසා මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු වන ශ්‍රී බෝධි විහාරාධිපති කිරිඉබ්බන්ආරේ විජේදේව හිමියන් මේ සම්බන්ධව සෙවණගල පොලිසියට ඊයේ (9දා) උදේ පැමිණිලි කර ඇත.
විහාරස්ථානයේ දොර ජනේල්වලට පහරදී අලාභ හානි සිදුකර තිඛෙන බව විහාරාධිපති කිරිඉබ්බන්ආරේ විජේදේව හිමියෝ පවසති.
පහරදීම සිදුවී ඇති ඊයේ අලුයම 2.30ට පමණ විහාරාධිපති හිමියන් විහාරස්ථානයේ වැඩ සිට නැත. තමන් කොළඹ සිට පැමිණෙමින් සිටි බව විහාරාධිපති හිමියෝ කියති.
පළමුව පහරදීම් කර ගිය පිරිස යළිත් විහාරස්ථානයට පැමිණ සාමණේර හිමිවරුන්ටද තර්ජනය කර ඇතැයි විහාරාධිපති හිමියෝ පවසති.
තමන්ට එල්ලවී තිබූ මරණ තර්ජන ගැන මීට පෙර පොලිසියට පැමිණිලි කර තිබූ බවත් මෙය දේශපාලන ප්‍රශ්නයක් විය හැකි බවත් විජේදේව හිමියෝ පවසති.
සෙවණගල පොලිසිය පරීක්ෂණ සිදුකරයි.