රෝයිස්ගේ බිරිඳගේ සහයට රන්ජන් ~ niruwatha

Saturday, March 8, 2014

රෝයිස්ගේ බිරිඳගේ සහයට රන්ජන්

මීගමුවේ කෝටි දෙකේ මංකොල්ලය සම්බන්දයෙන් චෝදනා ලබා සිටින එජාප අපේක්ෂක රොයිස් ප්‍රනාන්දු මේ වන විට සිටින්නේ බන්ධනාගාර ගතවය.මේ සම්බන්දෙන් ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුනේ ඡන්දයට මුදල් සොයාගත නොහැකි නිසා මේ ආකාරයේ මකොල්ලයක් සිදු කිරීමට කටයුතු කල බවට පොලිස් විමර්ශන සිදු කරන නිලධාරීන්ට ප්‍රකාශ කොට ඇතයි කියාය.කෙසේ වෙතත් ඡන්දය කට මුල තිබියදී මංකොල්ලා කෑමේ චෝදනාව සම්බන්දයෙන් සැකපිට රොයිස් අත්අඩංගුවට ගැනීම එජාපයේ සමස්ත ඡන්ද ව්‍යාපාරයම හතර ඝාතය දමා බිම වැටුණු සිදු වීමක් විය.ඒ නිසාමදෝ එජාප මන්ත්‍රීවරුන් ආසන සංවිධායකවරුන් මෙන්ම අපේක්ෂකයන්ද රොයිස් පත්කළ එජාප නායකත්වයට, නාම යෝජනා මණ්ඩලයටත් අම්මා මෝ නැතුව බැන වදිනු දකින්නට ලැබිණ.

කෙසේ වෙතත් මංකොල්ල කෑමේ චෝදනාව මත රොයිස් බන්ධනාගාර ගත කරනු ලැබුවද රෝයිස්ව ජයග්‍රහණය කිරීමේ සටන මීගමුවේ නැවත වටයකින් ආරම්භ කිරීමට ඔහුගේ බිරිය තීන්දු කොට තිබේ.ඒ අනුව මේ දිනවල රෝයිස්ගේ බිරිය රෝයිස්ගේ ඡන්ද ව්‍යාපාරය කරට ගෙන මීගමුවේ අස්සක් මුල්ලක් නෑර ඇවිදිනු දැකගත හැකි විය.සිය සැමියා ජයග්‍රහණය කරවීමට රොයිස් බිරිය සිදුකරන මේ කටයුත්තට පූර්ණ සහයෝගය ඵල කිරීමට එක්තරා මන්ත්‍රීවරයෙකු කටයුතු කොට තිබේ.ඒ වෙන කවුරුත් නොව රන්ජන් රාමනායකය.ඒ අනුව රන්ජන් මේ දිනවල රොයිස් බිරිය සමග ඡන්ද වේදිකාවේ සිටින දසුන කාට කාටත් සුලභ දසුනක් වේ.