අපි ඔහුට ක්‍රිෂ්ණා යැයි කියමු. පුත්තලම, මදුරන්කුලිය ප්‍රදේශයේ ජීවත් වූ ක්‍රිෂ්ණා පුත්තලම, මදුරන්කුලිය කඩයාමොට්ටේ මුස්ලිම් විද්‍යාලයේ උසස් පෙළ හදාරමින් සිටියේය. වතු අධිකාරිවරයකු වූ ඔහුගේ පියාටත් මවටත් ප්‍රාණ සමානව සිටියේ ක්‍රිෂ්ණාත් ඔහුගේ එකම සහෝදරයාත් පමණි. කුඩා අවධියේ සිටම සන්සුන් ගති පැවැතුම් තිබූ ක්‍රිෂ්ණා ඉතා දක්ෂ ලෙස අධ්‍යාපන කටයුතුවලද නිරත වූවේය.
කඩයාමොට්ටේ මුස්ලිම් විද්‍යාලයේ ඉගෙනුම ලැබූ බොහොමයක් ශිෂ්‍යයන් මුස්ලිම් වූ අතර ක්‍රිෂ්ණා ඒ ශිෂ්‍යයන් අතරින් සුවිශේෂී වූයේ ඔහු ද්‍රවිඩ ජාතිකයකු හා හින්දු ආගමිකයකු වූ බැවිනි. ඒනිසා ක්‍රිෂ්ණාට පාසලේ යහළුවන් සිටියේද අතළොස්සකි.
එහෙත් ක්‍රිෂ්ණා කිසිම විටෙක අන් ආගම් ජාතීන් පහත් කරන්නටත් තම ආගම, ජාතිය උසස් යැයි කියන්නටත් උත්සාහ දැරුවේ නැත. සමානාත්මතාව ඔහු නිරන්තරයෙන් අගය කෙළේය. සියල්ලන්ම මිනිසුන් පමණක් බව සිතූ ඔහු පාසල් සෙසු සිසුන් හා සහයෝගයෙන් වැඩ කරන්නට උත්සාහ දැරුවේය.
ක්‍රිෂ්ණාගේ දක්ෂතා පිළිබඳ පැහැදුණු පාසල් ගුරුවරුන් ඔහුව නිරතුරුව අගය කළ අතර මුස්ලිම් ජාතිකයකු වූ විදුහල්පතිවරයාද ක්‍රිෂ්ණා පිළිබඳ යහපත් සිතිවිල්ලෙන් පසු වූවේය. "ක්‍රිෂ්ණා ගොඩාක් දක්ෂ දරුවෙක්. විෂයට පමණක් නොවෙයි, පාසලේ මොන වැඩේ තිබ්බත් ඉදිරිපත් වෙනවා, මේ පාර උසස් පෙළින් හොඳම ප්‍රතිඵල අපිට ගේන්නෙත් ක්‍රිෂ්ණාම තමයි" විදුහල්පතිවරයා හිතවත් ගුරුවරුන් හා ක්‍රිෂ්ණාගේ දක්ෂතා වර්ණනා කළේය.
පාසල් වේලාව නිමවීමෙන් පසුව නිවෙසට පියමැන්න ක්‍රිෂ්ණා මවත් පියාත් සමඟ පාසලේ සිදුවූ සියලුම දේවල් නොසඟවා පවසන්නට පුරුදු වී සිටියේය. අයියා ඔහුගේ සමීපතම මිතුරා වූවේය.
පසුදා උදයේම අවදි වී පාසල වෙතට ගිය ක්‍රිෂ්ණාට දැක ගන්නට ලැබුණේ ඔහුගේ පන්තියේ මිතුරන් තැන් තැන්වලට වී කසු කුසු ගාමින් සිටිනා ආකාරයයි. ට්ධධඤ ර්ධපදඪදඨ යැයි ඔහු යහළුවන්ට සුබ පැතුවත් කිසිවකුත් ඔහුට පෙරළා සුබ පතන්නට යුහුසුලු වූවේ නැත. කුමක් හෝ ගැටලුවක් ඇති බව ක්‍රිෂ්ණාට තේරුණද ඔහු ඒ ගැන නොතකමින් තම වැඩකටයුතු කිරීමට පටන් ගත්තේය. ප්‍රධාන ශිෂ්‍ය නායකයා තෝරා ගැනීම වෙනුවෙන් ඒ දිනවල පාසලේ තැන් තැන්වල කතාබස් ඇති වෙමින් තිබිණි. ක්‍රිෂ්ණාගේ පන්තියේ බොහොමයක් ශිෂ්‍යයෝද ඒ සඳහා ඉදිරිපත් වීමට අපේක්ෂාවෙන් සිටියහ. බොහෝ සිසුන් ක්‍රිෂ්ණාටත් ඇසෙන පරිද්දෙන් පැවැසුවේ "මේක මුස්ලිම් ඉස්කෝලයක් ප්‍රධාන ශිෂ්‍ය නායකයා අනිවාර්යයෙන්ම මුස්ලිම් වෙන්න ඕන." එය ප්‍රකාශයක්ද නැතිනම් අනතුරු ඇඟවීමක් දැයි ක්‍රිෂ්ණාට සිතා ගන්නට නොහැකි විය.
ගුරු මණ්ඩලය රැස්කළ විදුහල්පතිවරයා ප්‍රධාන ශිෂ්‍ය නායකයා තෝරා ගැනීම පිළිබඳ විශේෂ රැස්වීමක් පැවැත්වූවේය.
"ක්‍රිෂ්ණා කියන්නේ හොඳට ඉගෙන ගන්න පුළුවන් ළමයෙක්. ඒ වගේම විෂය බාහිර ක්‍රියාකාරකම්වලටත් ඉදිරිපත් වෙනවා. ඕනෑම දේකට ඉදිරිපත්වෙලා නායකත්වය දරනවා. අපිට ඒ වගේ ළමයෙක් තමයි ප්‍රධාන ශිෂ්‍ය නායකකමට ඕනෑ." ගුරුවරුන්ගේ ඒකමතික තීරණය වූවේද ක්‍රිෂ්ණා ප්‍රධාන ශිෂ්‍ය නායක තනතුරට වඩාත් යෝග්‍ය බවයි.
පසුදින පාසලේ සියලුම ශිෂ්‍යයන් රැස්කළ විදුහල්පතිවරයා ඔවුන්ට විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායක තනතුර සඳහා තමා හා ගුරු භවතුන් එක්වී ශිෂ්‍යයකු තෝරාගත් බවකි. සියලුම ශිෂ්‍යයෝ මුහුණින් මුහුණ බලාගෙන කසු කුසු ගාන්නට වූහ. "නිශ්ශබ්ද වන්න" විදුහල්පතිවරයාගේ නිවේදනයට ශිෂ්‍යයෝ වෙනත් කතා නතර කොට ඔහුට සවන් දෙන්නට වූහ. ක්‍රිෂ්ණාගේ පන්තියේ සිටි ක්‍රිෂ්ණාගේ ප්‍රතිවාදියා බලාපොරොත්තු සහගතව විදුහල්පතිවරයා ඊළඟ මොහොතේ කියන්නේ තමාගෙ නමයැයි සිතමින් බලා සිටියේය.
"අපේ පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායක තනතුරට ඒකමතිකව තීරණය වුණේ ක්‍රිෂ්ණාව" විදුහල්පතිවරයාගේ නිවේදනයෙන් පසුව රැස්වීම් ශාලාව තුළ දැඩි ඝෝෂාවන් ඇති විය.
ක්‍රිෂ්ණාගේ ප්‍රතිවාදීහු කෝපයෙන් දැවෙන්නට වූහ. ක්‍රිෂ්ණාට කිසිවක් සිතා ගන්නට නොහැකි විය. තමා මේ දකින්නේ සිහිනයක් දැයි සැකහැර දැනගැනීමට ඔහු විමසිල්ලෙන් වටපිට බැලුවේය.
පාසලේ විදුහල්පතිවරයා හා ගුරුවරුන්ගේ සුබ පැතුම් ක්‍රිෂ්ණාට හිමිවිය. ක්‍රිෂ්ණාගේ පන්තියේ සිසුන් කිහිප දෙනකු හැර බොහොමයක් සිසුහු ක්‍රිෂ්ණාට සුබ පතන්නට වූහ. ඒ නිර්ව්‍යාජ ලෙස දැයි ක්‍රිෂ්ණා සිතන්නට ගියේ නැත. ඔහු ඉතා නිහතමානී ලෙස සියල්ලන්ගේම සුබ පැතුම් භාර ගත්තේය. ක්‍රිෂ්ණා එදින නිවෙස වෙත ගියේ සතුටින් ඉපිලෙමිනි. "අයියේ, මට ඉස්කෝලේ ප්‍රධාන ශිෂ්‍ය නායකකම හම්බුණා. ඉස්කෝලේ ගුරුවරු සේරම කිව්වලු මට දෙන්න කියලා. ප්‍රතිඥා දෙන දවසට අයියයි, අම්මයි, තාත්තයි තුන්දෙනාම එන්න ඕනා"
දහසක් බලාපොරොත්තු මධ්‍යයේ ක්‍රිෂ්ණා පාසල වෙත පියමැන්නේ නිම කිරීමට තිබූ නිබන්ධන කිහිපයක් වැඩ කිරීමේ අපේක්ෂාවෙනි. එහෙත් ඔහුට නිදහසේ තම වැඩ නිමා කිරීමට ලැබුණේ නැත. හතර වටින් ආ ඇනුම් පද තර්ජන ගර්ජන බවට පරිවර්තනය වන්නට ගතවූයේ නිමේෂයකි. "දෙමළුන් කොහොමද මුස්ලිම් ඉස්කෝලෙක ඩ්ර්ථී වෙන්නේ. ඒක ලැබෙන්න ඕන මුස්ලිම් කෙනෙක්ට" ක්‍රිෂ්ණා සියල්ල නෑසූ කන්ව සිටියේය. ක්‍රිෂ්ණාව ඩ්ර්ථී කිරීම සම්බන්ධයෙන් විරෝධය පෑම සඳහා ශිෂ්‍යයෝ ප්‍රසිද්ධියේම ඉදිරිපත් වූහ. ඒ විරෝධතාව විදුහල්පතිවරයා දක්වාම පැතිරී ගියේය.
"මොනම හේතුවක් නිසාවත් මගේ තීරණයේ වෙනසක් වෙන්නේ නැහැ. ක්‍රිෂ්ණා තරම් මේකට සුදුසු කෙනෙක් මේ පාසලේ නැහැ" විදුහල්පතිවරයා තම තීරණය ස්ථීරව ඉදිරිපත් කරන්නට මැළිවූයේ නැත. තමා කිසි දිනෙක අපේක්ෂා නොකළ තානාන්තරයක් ලැබීමෙන් තමා අනවශ්‍ය කරදරයක පැටලුණා දැයි ක්‍රිෂ්ණාගේ සිතට වද දෙන්නට විය.
ක්‍රිෂ්ණාට විරුද්ධව පාසලේ අන්තවාදී සිසුන් කණ්ඩායමක් රහසේ ක්‍රියාත්මක විය. ක්‍රිෂ්ණා කිසිවක් දැන සිටියේ නැත. ක්‍රිෂ්ණාගේ විකෘති ඡායාරූප යොදා ජ්චජඥ ඡධධඬ ගිණුමක් විවෘත කළ අන්තවාදීහු ඉන් ක්‍රිෂ්ණාගේ ප්‍රතිරූපය විනාශ කරන්නට පටන් ගත්හ. පාසල පිළිබඳ වැරැදි පණිවුඩ එමඟින් ව්‍යාප්ත කිරීම ඔවුන්ගේ අභිප්‍රාය විය.
ඉන් නොනැවතුණු මෙම ශිෂ්‍යයෝ ක්‍රිෂ්ණා ලියන ආකාරයෙන් ව්‍යාජ අස්සන් යෙදූ ලිපියක් විදුහල්පතිවරයාට ලැබෙන්නට සැලැස්වූහ. එහි ඉතා නිර්දය හා අශීලාචාර ආකාරයට විදුහල්පතිවරයාට අභූත සේ ෙදාස් නඟා තිබිණි. එම ලිපිය කියවා බලා කුණු ගොඩට දැමූ විදුහල්පතිවරයා මේ සම්බන්ධයෙන් සෙවීමට තීරණය කළේය.
පළමු ලිපියෙන් නතර නොවුණු කුමන්ත්‍රණකාරීහු දෙවැනි හා තෙවැනි ලිපියද පෙර අයුරින්ම විදුහල්පතිවරයාට ලැබෙන්නට සැලැස්වූහ. එහෙත් ඔවුන්ගේ එකදු ක්‍රියාකාරකමකින් ක්‍රිෂ්ණාට ප්‍රධාන ශිෂ්‍ය නායක තනතුර අහිමි වූයේ නැත. එයින් ද අධෛර්යයට පත්නොවූ පාසලේ අන්තවාදී ශිෂ්‍යයෝ දැවැන්ත මෙහෙයුමක් දියත් කිරීමට සැලසුම් කරමින් සිටියහ.
ව්‍යාජ ජ්චජඥ ඡධධඬ ගිණුම නිසා ඒ වනවිට ක්‍රිෂ්ණා දැඩි අපහසුතාවට පත්ව සිටියේය. මේ සියල්ල සිදුවන්නේ තමාගේ ඩ්ර්ථී තනතුර නිසා බව සිතූ ක්‍රිෂ්ණා එය තමාට භාරගත නොහැකි බව විදුහල්පතිවරයා හමුවී පැවැසුවේය. එහෙත් විදුහල්පතිවරයා ක්‍රිෂ්ණාට කාරුණිකව කරුණු පැහැදිලි කළේය.
"ක්‍රිෂ්ණා අධෛර්යයට පත්වෙන්න එපා. මම දන්නවා මට ආපු ලියුම්වලටත්, ඔය ජ්චජඥ ඡධධඬ ගිණුමටවත් ඔයාගේ සම්බන්ධයක් නෑ කියලා. අපි හොයමු මේ වැඩේ කරන්නේ කවුද කියලා. එන හැමදේටම මුහුණ දෙන්න."
විදුහල්පතිවරයා ක්‍රිෂ්ණාගේ සිත අස්වසන්නට වූවේය. සිත ශක්තිමත් කරගත් ක්‍රිෂ්ණා ඕනෑ අභියෝගයකට මුහුණ දෙන්නට සිත හදාගෙන නිවෙස බලා පිටත් වූවේය.
පසුගිය 23 ඉරිදා පුත්තලම් දිස්ත්‍රික්කයේ පාසල් කිහිපයකට ජනාධිපතිවරයා පැමිණෙන්නට නියමිත විය. සහිරා විද්‍යාලයට, වනාත විල්ලුව විද්‍යාලයට, නවගත්තේගම විද්‍යාලයට, නොරොච්චෝලේ විද්‍යාලයට, කල්පිටිය ප්‍රදේශයේ පාසලකටත් ජනාධිපතිවරයා යෑමට සැලසුම් කොට තිබිණි. ඒ අවස්ථාව ප්‍රයෝජනයට ගන්නට සිතූ ක්‍රිෂ්ණාගේ විරුද්ධවාදීහු සිය මෙහෙයුම රහසේ දියත් කරන්නට වූහ.
පුත්තලම පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ අතට ක්‍රිෂ්ණාගේ නමින් සඳහන් කොට ලිපියක් ලැබිණි. එහි සඳහන් වූයේ ජනාධිපතිවරයා මුස්ලිම් විද්‍යාලයේ තාක්ෂණික විද්‍යාගාරය විවෘත කිරීමට පැමිණෙන වෙලාවේ ජනාධිපතිවරයාව ඝාතනය කිරීම සඳහා එහි මිනිස් බෝම්බයක් පුපුරුවා හැරීමට නියමිත බවයි. එය දුටු පොලිස් නිලධාරීහු කලබලයට පත්වූහ. වහාම ක්‍රියාත්මක වූ ඔවුහු පුත්තලම මදුරන්කුලිය කඩයාමොට්ටේ පාසල වෙත පිටත් වූහ.
විදුහල්පතිවරයා හමුවූ පොලිස් නිලධාරීහු ලිපිය පෙන්වීමට පියවර ගත්හ.
"ක්‍රිෂ්ණා කියන්නේ අපේ පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා. ඒ ළමයා ද්‍රවිඩ ළමයෙක් නිසා පාසලේ ඉන්න මුස්ලිම් ළමයි මේ ළමයාට විරුද්ධයි. මේ වගේ ලියුම් තුනක් මටත් ආවා. මම හොඳටම දන්නවා මේ වැඩේ කරන්නේ ක්‍රිෂ්ණා නෙවෙයි කියලා. මේක පිටපස්සෙ වෙන පිරිසක් ඉන්නවා. මම දැන් ක්‍රිෂ්ණාව ගෙන්වන්නම් කතා කරලාම බලන්න."
ක්‍රිෂ්ණාව ගෙන්වූ විදුහල්පතිවරයා ඔහුගෙන් ප්‍රශ්න කිරීමට පොලිස් නිලධාරීන්ට අවස්ථාව ලබා දුන්නේය. විදුහල්පතිවරයා සතුව තිබූ ලිපි තුනේ හා පොලිසියට ලැබී තිබුණ ලිපියේ අකුරු එකම අයකුගේ බවත් ඒ අකුරු ක්‍රිෂ්ණාගේ නොවෙන බවත් පොලිසිය වටහාගත්තේය.
"මම මේ කිසිම දෙයක් දන්නේ නැහැ. මගේ නමින් ජ්චජඥ ඡධධඬ ගිණුමකුත් පවත්වාගෙන යනවා. මම මේ කිසිම දෙයකට සම්බන්ධ නෑ." ක්‍රිෂ්ණා තම නිර්දෝෂී හෘදය සාක්ෂිය පොලිස් නිලධාරීන් හමුවේ කියා පෑවේය.
පොලිසියේ බුද්ධි අංශ හා ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරීහු එක්ව මේ පිළිබඳ විමර්ශනය කිරීමට පටන් ගත්හ. තවමත් මේ පිටුපස සිටින්නේ කවුරුන්දැයි අනාවරණය වී නැත. එහෙත් ක්‍රිෂ්ණා මේ කිසිවකට පංගුකාරයකු නොවූවද දැඩි මානසික පසුබෑමකට ලක්ව සිටියේය.
අරුණි මල්ලව ආරච්චි
පුත්තලම - තීක්ෂණ ජයසුන්දර
12:49 AM
Unknown

Posted in: