රොෂාන්ගේ පෙම්වතිය කවුද? ~ niruwatha

Sunday, March 2, 2014

රොෂාන්ගේ පෙම්වතිය කවුද?

roshange pemwathiya
රොෂාන්ගේ ජීවිතයේ මතෛක් නොකී රහසක් ගැන දනගන්න ලැබුණා.

(හිනැහී) අපි කොයිකාටත් ජීවිතයේ සමහර දේවල් රහස් විදිහට රැකගන්න සිදුවන අවස්ථා උදාවෙනවානේ.
 කිසිම රහසක් සදාකාලික රහසක් වෙන්නෙ නැහැනේ...?

ඔව්, ඒක ඇත්ත.
 රොෂාන් ප්‍රේමවන්තයෙක් කියන රහස දැන් හෙළිවෙලා. කැමතිද ඒ ගැන රසිකයින්ට කියන්න.

ඔව්, කමක් නැහැ ඒ රහස කියන්නම්. මම ප්‍රේමවන්තයෙක් ඒක ඇත්ත.

 හැමදාම රොෂාන් කීවේ පෙම්වතියක් නැති බව. ඒ හින්දා මේක හදිසියේ ඇතිවූ ප්‍රේමයක්ද කියල රසික පිරිස විමසයි.

නැහැ. මේක හදිසියේ ඇතිවූ ප්‍රේමයක් නමෛයි. වසර ගණනක ඉතිහාසයක් ඇති දිගුකාලීන ප්‍රේමයක්.

 මේ රොෂාන්ගෙ ප්‍රථම ප්‍රේමයද...?

මගෙ විතරක් නමෛයි. අපි දෙන්නගෙම ප්‍රථම ප්‍රේමය තමයි මේ. ප්‍රථම ප්‍රේමය වගේම එකම ප්‍රේමයත් මෙයම තමයි.දනළුකමට එකතු වූ පසුද 

මේ පෙම් සබඳතාවය ඇතිවුණේ...?

නළුවකු වීමට කලින් මම නිරූපණ ශිල්පියෙක්. අපේ ප්‍රේමය ඇතිවෙන විට මම නිරූපණ ශිල්පයටවත් යොමුවෙලා නැහැ.
 තමන්ගේ පෙම්වතා හෝ පෙම්වතිය රංගනයට නිරුපණයට යොමුවනවාට ඇතැම් අය විරුද්ධයි...
ඇය නම් ඊට වඩා හාත්පසින්ම වෙනස් කෙනෙක්. මගේ දියුණුව තමයි ඇය හැමදාම අපේක්ෂා කළේ. මම නළුකමට එද්දි ටිකෙන් ටික ජනප්‍රිය වෙද්දි ඇය ඒ දිහා බලාගෙන සතුටු වුණා. මගෙ ළඟම ඉඳගෙන මගෙ වැරදි අඩුපාඩු පෙන්වා දෙමින් මාව ධෛර්යමත් කළා.

 රූමත් නිළියන්ට ළංවෙලා පෙම් ජවනිකා රඟපාන විට ඇගේ ප්‍රතිචාර කෙබඳුද...?

මම ඒ ගැන ඇයත් එක්ක කතාකරලා තියෙනවා. ඇය කිව්වේ මුල්වරට මම චිත්‍රපටයක පෙම් ජවනිකාවක් රඟපාද්දි පුංචි නුහුරු බවක් ඇතිවුණාලු. හැබැයි දැන් ඒ තත්ත්වය වෙනස්ලු. ඒ වුණත් මේ දේ කිවයුතුමයි. මුල් වතාවට මම තිරයේ පෙම් ජවනිකාවක් රඟපාද්දි ඇගෙ හිත සසල වුණේ ඊර්ෂ්‍යාවට නම් නමෛයි. කැමරාවක් ඉදිරියේ කරන රඟපෑම සැබෑවක් නෙමෙයි කියලා වටහාගැනීමේ බුද්ධිය ඇයට තිඛෙනවා. නමුත් මම වෙන ගෑනු ළමයෙකුට ඒ විදියට ළංවෙලා ඉන්නවා සිනමා තිරයෙදි හෝ පළමු වතාවට දකිද්දි ඇතිවූ නුහුරු බව නිසා තමයි එදා දුකක් දැනිලා තියෙන්නේ.

 දැන් රොෂාන් තිරයේ පෙම් කරද්දි ඇය මොකද කියන්නේ...?

හරියට පෙම් කරන්නෙ නෑ කියල දොස් කියනවා. මීට වඩා හැඟීම්බර විදියට මීට වඩා ළංවෙලා සාර්ථකව පෙම් ජවනිකා රඟපාන්න කියල තමයි කියන්නේ.

 ‘ඇය’ පිළිබඳ වැඩි විස්තර දැනගන්න රසික හිතවතුන් කැමති වේවි...

නම ගම ඇතුළු සියලුම විස්තර ඉදිරියේදි කියන්නම්.

රූමත් නිළියන් සමග පවා තිරයේ ප්‍රේමවන්තයා වූ රොෂාන්ගේ හිත දිනාගන්න ඇය විශේෂිත කෙනෙක් විය යුතුයි.

මට විශේෂිත කෙනෙක්. ඇත්තටම අපි කොයිකාගෙත් හිත්වල කෙනෙකු ගැන ආදර හැඟීමක් ඇතිවන්න මුලින්ම බලපාන්නේ ඇහැට පෙනෙන ආකර්ෂණය කීවොත් ඒක බොරුවක් නමෛයි. මගෙ හිතත් මුලින්ම ඇයට ඇදිලා ගියේ ඇගේ රූපයට තමයි. රූපයේ තියෙන ලස්සන ඇගෙ හිතෙත් තියෙනවා. සිතුම් පැතුම්වලින් අප අතර ලොකු ගැළපීමක් තියෙනවා. ඒ වගේම ඇය හරිම අහිංසකයි. මං හිතන්නෙ ආදරයක් ඇතිවීමට ඒ හැමදේම බලපාන්න ඇති.

 ඔය දෙදෙනාගෙ හමුවීම සිදුවුණේ කොයි විදියටද?

ඒකටත් දිගු ඉතිහාසයක් තියෙනවා. හමුවීම තුළින් ඇතිවූ දැන හඳුනාගැනීම මිත්‍රත්වයට හැරුණා. කාලයත් සමග ඒ මිතුදම ප්‍රේමයකට හැරුණා.





 මෙච්චර කල් පෙම්වතියන් නැහැ කියමින් රසික පිරිස රැවටීම වරදක් නමෛයිද...?

ආදරය කියන දේ පෞද්ගලිකයි. ඒ හින්දා රසික පිරිස රැවටුවා කියා කියන්න බැහැ.

 ජනප්‍රිය චරිතවලට ප්‍රේමකරන පිරිස් ඉන්නවා. ඒ විදියට රොෂාන්ට ප්‍රේම කරපු ගෑනු ළමයි රොෂාන්ට ප්‍රේමවන්තියක් නැති බව මාධ්‍යයෙන් නිතර කියද්දි රොෂාන් ගැන බලා‍පොරොත්තු ඇතිකරගන්න ඇති...


මාව දැකලා, මං ගැන හීන මවපු බලා‍පොරොත්තු ඇතිකරගත්තු අය ගැන මම මොනව කරන්නද...? හැබැයි මම දැඩි වගකීමෙන් මේ දේ නම් කිවයුතුයි. කිසිමදාක මම කිසිකෙනකුට බොරුවට ආදරේ කරලත් නැහැ. ආදරය ගැන බලා‍පොරොත්තු දීලත් නැහැ. මගේ ප්‍රථම සහ එකම පෙම්වතිය ගැන තමයි මම අද මේ කතා කරන්නේ.

 ඇය ගැන රහස හෙළිකරන්න මෙච්චර කාලයක් පමාකිරීම ප්‍රශ්නයක්...

අපි දෙන්නම අපේ වැඩිහිටියන්ට ගරු කරන ඇහුම්කන් දෙන දෙන්නෙක්. අපේ ප්‍රේමය මාධ්‍යයට හෙළිකරනවාට දෙදෙනාගේම වැඩිහිටියන් කැමති වුණේ නැහැ. මගේ පෙම්වතියත් හිටියේ ඒ තීරණයේ. විවාහය ළංවෙලාම හැමදේම මාධ්‍යයට කතා කරමු කියලා තමයි ඇය පැවැසුවේ.

ඒ කියන්නේ දැන් ඔබලගෙ ප්‍රේමය මාධ්‍යයට හෙළිකරන්නේ දෙදෙනාගෙ විවාහය ළංවුණු නිසා විය යුතුයි...

(හිනැහී) ඒ ප්‍රශ්නෙට ළඟදීම පිළිතුරු දෙන්නම්.

ආරියවංශ කුලතිලක