ක්‍රම උපාය සංවර්ධන පනත දවසේ ආණ්ඩුවේ 10ක් රගර් බලන්න කොරියා ගිහින් ~ niruwatha

Sunday, April 27, 2014

ක්‍රම උපාය සංවර්ධන පනත දවසේ ආණ්ඩුවේ 10ක් රගර් බලන්න කොරියා ගිහින්

ආණ්‌ඩු පක්‍ෂයේ තරුණ මන්ත්‍රීවරුන් දස දෙනකු සුපිරි හෝටල් සංකීර්ණ තුනක්‌ ඉදිකිරීමේ ගැසට්‌ නිවේදනවලට අදාළව ඡන්දය පැවති දිනයේ පාර්ලිමේන්තුවට නොපැමිණ රග්බි තරගයක්‌ නැරඹීම සඳහා කොරියාවට ගොස්‌ ඇත.

ගැසට්‌ නිවේදනවලට අදාළ විවාදය පැවැත්වූ පසුගිය 24 දා සහ 25 යන දෙදින ආණ්‌ඩු පක්‍ෂයේ සියලුම මැති ඇමැතිවරු පාර්ලිමේන්තුවට පැමිණීම අනිවාර්ය බවට නියෝගයක්‌ නිකුත් කර තිබියදීත් මෙම මන්ත්‍රීවරුන් එම නියෝගයට පිටුපා කොරියාවට ගොස්‌ තිබේ.

රටේ සංවර්ධන කටයුතුවලට අදාළව මෙතරම් වැදගත් ගැසට්‌ නිවේදන තුනක්‌ විවාද කරන අවස්‌ථාවේදී ඊට ඡන්දය ලබාදීමට පාර්ලිමේන්තුවට නොපැමිණ ක්‍රීඩා තරගයක්‌ නැරඹීම සඳහා තරුණ මන්ත්‍රීවරුන් දස දෙනකු කොරියාවට යැම ආණ්‌ඩු පක්‍ෂ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන්ගේ දොaෂදර්ශනයට ලක්‌ව ඇත.

පළමු වරට පාර්ලිමේන්තුවට පත් වූ තරුණ මන්ත්‍රීවරුන් මෙසේ වගකීමකින් තොරව කටයුතු කිරීම වැරදි පූර්වාදර්ශයක්‌ බව පෙන්වා දුන් ආණ්‌ඩුවේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක්‌ මොවුන්ට එරෙහිව පක්‍ෂය විසින් දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බව ප්‍රකාශ කළේය.
 

2 comments:

hasitha said...

munta rata gana wadak naha.chandeta witharayi apiwa hoyan enne ballo

baby said...

ක්‍රම උපාය සංවර්ධන පනත wageda ragar match?
ane nikan pala buru katha nokiya

Post a Comment