"පවුලේ වැඩිමහල්ම කෙනා දුවෙක් නම් සුපිරි" හේතුව මෙන්න. ~ niruwatha

Monday, April 28, 2014

"පවුලේ වැඩිමහල්ම කෙනා දුවෙක් නම් සුපිරි" හේතුව මෙන්න.

ලොව බොහොමයක් බලසම්පන්න, ජනප්‍රිය සාර්ථක ස්ත්‍රීන් වන්නේ පවුලේ වැඩිමලා ලෙස උපන් ගැහැණු දරුවන් බව සමීක්ෂණයකින් හෙළිවී තියෙනවා.
එක්සත් රාජධාණියේ එසෙක්ස් විශ්වවිද්‍යාලය විසින් කරනු ලැබූ නවතම සමීක්ෂණයකින් මේ බව හෙළිවී ඇතැයි MailOnline පුවත්සේවා උපුටා දක්වනවා.
ලොව වැඩිම අලෙවියක් ඇති කෘතිය වන “හැරී පෝටර් කෘති මාලාව “රචනා කළ ජේ.කේ රෝලින්ග්, අමෙරිකානු හිටපු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන්, ලොව පොහොසත් ව්‍යාපාරික කතක, නිෂ්පාදිකාවක,වැඩසටහන් ඉදිරිපත් කරන්නියක, නිළියක වන ඔප්රාහ් විනිෆ්‍රි මෙන්ම සුපිරි පොප් ගායිකා බියොන්සේ ද පවුලේ වැඩිමහල් දැරියන්ය.
එසේම පවුල්තුළින් කැපී පෙනුණ පිරිමි උදවියගෙන් එලෙස සාර්ථකත්වයට පත්ව ඇත්තේ 13% ක පිරිසක් පමණයි.
අමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා මෙන්ම හිටපු ජනාධිපතිවරුන් වන බිල් ක්ලින්ටන් හා ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් යන අයද පවුලේ වැඩිමහලුන් ලෙස සාර්ථකත්වයට පත් සුළුතරය අතරට එක්වී තියෙනවා.
ඒ නිසා පවුලේ වැඩිමහලු දරුවන්ගෙන් ස්ත්‍රීන්ට වැඩි බලයක් හිමිවී ඇති බව පැහැදිලි වෙනවා.

0 comments:

Post a Comment