තම ජීවිතයට යම් හානියක් සිදුවහොත් එහි වගකීම රජය බාරගත යුතු බව පවසමින් බොදුබල සේනා සංවිධානය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.
බොදුබල සේනා සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී දිලන්ත විතානගේ මහතා අදාළ ලිපියෙන් පෙන්වා දී ඇත්තේ පසුගිය දින කිහිපය තුළ ලැබුණු තොරතුරු අනුව තමන්ට සහ බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට ජීවිත තර්ජන පවතින බවයි.
රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ සිදුකිරීම සම්බන්ධයෙන් වෙනත් පාර්ශව සමඟ රහසිගතව කටයුතු කරන බවට තමන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනා ප්‍රතික්ෂේප කරන බව දිලන්ත විතානගේ මහතා පවසයි.
රජයේ ඇමතිවරුන් සහ ඇතැම් පුද්ගලයින් තම සංවිධානය පිළිබඳ සිදුකළ ප්‍රකාශ හේතුවෙන් ජීවිත තර්ජන අවදානමක් මතුව ඇති බව එම ලිපියෙන් පෙන්වා දෙයි.
එබැවින් තමන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසත් ජීවිත තර්ජනයක් සිදුවුවහොත් එහි වගකීම රජය බාරගත යුතු බවත්, බොදුබල සේනා සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරි දිලන්ත විතානගේ මහතා ජනාධිපතිවරයාට යොමුකළ ලිපියේ දැක්වෙයි.
බොදුබල සේනා සංවිධානය විසින් පසුගිය දෙවසර තුළ ප්‍රසිද්ධියේ සිදුකළ ඇතැම් ක්‍රියාකාරකම් හේතුවෙන් බොහෝ පාර්ශවවල විවේචනයට ලක්වුණි.
පසුගියදා මාධ්‍ය හමුවක් කඩාකප්පල් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව කොම්පඤ්ඤවිදීය පොලීසිය විසින් විමර්ශනයක් ද ආරම්භ කර තිබේ.
3 comments:
මෙයා මොකටද ලියුම් දිදී ඉන්නේ?
කෙලින්ම කෝල් කරලා ටෝක් කරන්න බැරියෑ
අපි අහිංසකයි පොඩ්ඩක් අනුමත වෙලා ඩ්‍රයිවින් කලාට විජිත කොල්ලට ආතල් එකක් දුන්නට බලන්නකෝ මෙයාලා මාව මරන්න හදනවා
අනේ මහරජානෝ මාව බෙර ගන්නකො
මන් නම් දැන ගෙන හිටියේ ඔය උන්නැහියේ ළඟදීම ලොකු සන්තාසියක් කොරගනී කියලා
එකනේ මන් පහුගිය දොහේ දිගින් දිගටම
මගේ ''lanka පච news'' එකෙන් දිගින් දිගටම අම්මා මුත්තා නැතිව මතක් කොලේ
Post a Comment