කාජල්ගේ නරක පුරුද්ද ~ niruwatha

Saturday, April 19, 2014

කාජල්ගේ නරක පුරුද්ද

බොලිවුඩයට අලූත් අලූත් සුරූපිනියන් කොච්චර ආවත් සුපිරි නිළි කාජල්ට ලැබුණු ජනපි‍්‍රයත්වයේ නම් කිසි අඩුවක් වෙලා නෑ. රිදී තිරයෙන් අහිංසක පේ‍්‍රමවන්තියක් හැටියට දැක්කට සැබෑ ජීවිතේදි නම් කාජල් පවුලෙ අයත් එක්ක ප‍්‍රශ්න දාගන්න කෙනෙක්. ඔබ දන්නවනෙ රාණි මුඛර්ජි කාජල්ගෙ ඥාති සහෝදරියක් කියලා. ඒත් දෙන්නම එකම ක්ෂේත‍්‍රයේ වැඩ කරන්න පටන් ගත්තට පස්සෙ තියෙන හිතවත්කම් සේරම නැතිවෙලා ගියා. හැබැයි හෙට අනිද්දට ආදිත්‍ය චොප්රාව විවාහ කර ගත්තට පස්සෙ රාණි පදිංචියට එන්න යන්නේ කාජල්ගෙ ගේ ළඟම තියෙන යශ් චොප්රාගෙ මහගෙදරටලූ. ඔය අතරෙ කාජල් තමන්ගෙ නංගි තනීෂා එක්කත් මේ දවස්වල ඉන්නෙ වැඩි හිත හොදකින් නෙමේ. හේතුව තනීෂාගෙ අලූත් පෙම්වතා. මේ දෙන්නගෙ විවාහයට කාජල් පොඞ්ඩක්වත් කැමති නැලූ. හැබැයි තනීෂත් විවාහයෙන් පස්සෙ පදිංචියට එන්න හදන්නෙ කාජල්ගෙ ගෙවල් ළගටමයි. ඉතින් මේ අලූත් අසල්වැසියන් නිසා කාජල්ට පදිංචිය වෙනස් කරන්න හිතෙයි ද දන්නේ නෑ.

0 comments:

Post a Comment