කිසිදු ජන කොටසකට අසාධාරණයක් වීමට ඉඩ නොතබන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කළා. ජනාධිපතිවරයා කියා සිටියේ කිසිදු ජාතියකට තවත් ජාතියක් පාගා දැමිය නොහැකි බවයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ මඩකලපුව - කොක්අඩිචෝලේ හරහා අම්පාර යා කරමින් ඉදිකරන ලද නව මන්මුනේ පාලම ජනතා අයිතියට පැවරීමේ උත්සවයට ඊයේ එක්වෙමින්. රට තුළ ගොඩනැගී ඇති ජාතික සමගිය විනාශ කිරීමට විදේශ බලවේග කි‍්‍රයාත්මක වන බවත්, මේ මොහොතේ රටේ යහපත උදෙසා කටයුතු කිරීම සියලූ දෙනාගේ වගකීමක් බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.
මේ අතර, නැගෙනහිර විශ්වවිද්‍යාලයේ කලා හා සංස්කෘතික පීඨ ගොඩනැගිල්ල සහ ප‍්‍රධාන පුස්තකාලය ජනාධිපතිවරයා අතින් ඊයේ විවෘත කෙරුණා. මඩකලපුවට ගිය ජනාධිපතිවරයා ශී‍්‍ර මංගලාරාම විහාරස්ථානය වෙතද ගොස් ආගමික වතාවත්වල නිරත වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය ප‍්‍රකාශ කළේය.
2 comments:
වෙන තරමක් අසාධාරණ කම් වෙන්නේ සිංහලයන්ට
විල්පත්තුවේ කලේ එලි කරනවා
මුහුදු මහා විහාරේ අල්ලනවා
දබුල්ලේ පල්ලි ගහනවා
ලෝ කොලේජ් එකේ හම්බයන්ට පේපර් එක දෙනවා
හොර හරක් මරනවා
මේවා මරාට පෙන්නේ නැද්ද.හම්බයෝ ගාවට ගිහිල්ලා හුරතල් වෙන්නේ ජනාධිපති උනේ සිංහල බෞද්ධ චන්ද වලින් කියල මතක තියා ගන්න
niyamai janaadhipathi thuani. jaathiwadinta niyama uththarayak meka api hamogema rata.jaya we sri lanka
Post a Comment